තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා පරදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 30 වන තරඟය ලෙස පැවතී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම  හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ශ්‍රේයාස් අයියර් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව අයියර්ගේ ආරාධනයෙන් පලමු පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 217ක් ලබාගැනීමට සමත්විය.

රාජස්ථාන් රෝයල්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් විශිෂ්ට ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 61කදී හතරේ පහර 9ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 103ක් ලබාගැනීමට සමත්විය.

 

 

බට්ලර් විසින් රැස්කරගත් මෙම ශතකය මෙවර IPL තරඟාවලියේ ඔහු වාර්තා කළ දෙවන ශතකය වේ.

ඊට අමතරව නායක සන්ජු සැම්සන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19දී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, shimron Hetmyer පන්දු 13කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී Sunil Narine පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21ක් පමණක් ලබාදී කඩුලු 2ක් බිඳ දැමූ අතර Shivam Mavi , Pat Cummins හා Andre Russell අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඉන්අනතුරුව ලකුණු 218ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 210ක් පමණයි.

එහිදී, කොල්කටා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 51කට මුහුණදෙමින් හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 85 ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Aaron Finch පන්දු 28කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2 සමඟින් වේගවත් ලකුණු 58ක් ලබාගැනීමට සමත්වූ අතර, අවසන් මොහොතේ Umesh Yadav පන්දු 9කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් යුස්වේන්ද්‍ර චහාල් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 40කට හැට්‍රික් එකක් ද සමඟින් කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Obed McCoy ලකුණු 41කට කඩුලු 2ක් හා Prasidh Krishna හා Ravichandran Ashwin ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් ලබාගත් ජෝස් බට්ලර් වේ.

 

යුස්වේන්ද්‍ර චහාලල්ගේ විශිෂ්ට පන්දු යැවීම (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *