තිරිමාන්න හා දිමුත් කරුණාරත්න ලෝකෙන්ම අංක 2 හා 3 ස්ථානයට.
2021 වසරේ මේ වන විට ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලබාගෙන එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පලමු ස්ථානයේ රැදී සිටින්නේ තරඟ 6කදී ඉනිම් 12ක් ක්‍රීඩා කරමින් ලකුණු 794ක් ලබාගනිමින් ය. ජෝ.රූට් විසින් මේ වසරේ ලබාගෙන ඇති ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 228ක් ලබාගැනීමයි. 66.16ක ලකුණු සාමාන්‍යයක් රදාවාගෙන සිටින ඔහු විසින් ද්විත්ව ශතකයක් හා ශතක දෙකක් ලබා ගැනීමට සමත් වී ඇත.
ටෙස්ට් පිටියේ මෙම වසරේ දෙවෙනියට වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර දෙවෙනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු තිරිමාන්න යි. ඔහු තරඟ 7කදී ඉනිම් 12ක් ක්‍රීඩා කරමින් මේ වන විට ලකුණු 657ක් ලබාගෙන සිටී. ඔහු විසින් 54.75ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳාගෙන සිටින අතර ශතක 2ක් හා අර්ධ ශතක 4ක් ලබා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව ළහිරු තිරිමාන්න හට ජෝ රූට් පසු කර යෑම සඳහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 138ක් පමණයි.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරඟ 5කදී ඉනිම් 8ක් ක්‍රීඩා කරමින් ලකුණු 558ක් ලබාගැනීමට සමත් වී ඇත. ටෙස්ට් පිටියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා ජෝ රූට් වුවත්, මෙම වසරේ වැඩිම ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටින්නේ දිමුත් කරුණාරත්නයි. (අවම වශයෙන් තරඟ 5ක් වත් ක්‍රීඩා කළ ඇති ක්‍රීඩකයින්ගෙන්). ඔහු විසින් 69.75ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටින අතර මෙම වසරේ ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 244ක් ලබා ගැනීමයි.
ඊට අමතරව තරඟ 6කදී ලකුණු 515ක් ලබාගෙන R Pant හතරවන ස්ථානයේ ද, තරඟ 6කදී ලකුණු 474ක් ලබාගනිමින් Rohit Sharma 5වන ස්ථානයේ ද, රැඳී සිටී.