තිසර පෙරේරාගේ සමුගැනීමෙන් අනතුරුව පැවතී පලමු එක්දින තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි.

ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය අද (23) ආරම්භ වූ අතර පලමු තරඟයෙන්ම ලකුණු 33ක පරාජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.


නව තේරීම් කමිටුවේ තීරණයකට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගන්වා නව නායකයෙකුගෙන් යුක්තව තරුණ ක්‍රීඩකයින් ඇතුළත් සංචිතයක් බංගලාදේශය තරඟාවලියකට නම් කර අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේය.


අද (23) පැවතී පලමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශය නායක ටමිම් ඉක්බාල් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නායක ටමිම් ඉක්බාල් හා ලිටන් ඩාස් බංගලාදේශය ඉනිම ආරම්භ කළේ ය. බංගලාදේශය ඉනිමේ පලමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දුශ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දනුශ්ක ගුණතිලක හට උඩපන්දුවක් ලබා ලකුණු 0කට දැවී යන විට බංගලාදේශය ලකුණු පුවරුව ලකුණු සංඛ්‍යාව 5ක් විය. ඉන් අනතුරුව පිටියට පිවිසී ශකිබ් අල් හසන් හා ටමිම් ඉක්බාල් සමඟ ලකුණු 38ක සබඳතාවක් පැවැත්වීමට හැකි වූ අතර දනුශ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේ ශකිබ් අල් හසන් ලකුණු 15කට දැවී ගියේය.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

අනතුරුව බංගලාදේශය නායකයා ටමීම් ඉක්බාල් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර පන්දු 70කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය. බංගලාදේශය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මුශ්පික රහීම් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 84ක් ලබාගැනීමට සමත් වූ අතර මහමදුල්ලා පන්දු 76කශී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබාගැනීමට සමත් විය.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දනන්ජය ද සිල්වා පන්දුවාර 10කදී ලකුණු 45ක් පමණක් ලබා දී කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය. දනන්ජය ද සිල්වගේ පන්දු හමුවේ දැවී යාමට ලක් වූයේ තමිම් ඉක්බාල්, මොහොමඩ් මිතුන් හා මහමදුල්ලා වේ. ඊට අමතර දුශ්මන්ත චමීර, දනුශ්ක ගුණතිලක හා ලක්ශාන් සඳකැන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

ලකුණු 258ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 203ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ පලමු කඩුල්ල ලෙස දනුශ්ක ගුණතිලක ලකුණු 21කටත්, දෙවන කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 8කටත් දැවී ගිය අතර නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 30කටත් දැවී ගියේය. උපනායක කුසල් මෙන්ඩිස් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් ලකුණු 102ක් ඇතුළත දැවී යාමෙන් අනතරුව පිටියට පිවිසී වනිඳු හසරංග හා දසුන් ශානක ලකුණු 47ක සබඳතාවක් පැවැත් වූ අතර අනතුරුව දසුන් ශානක ලකුණු 14කට දැවී ගියේය.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වනිඳු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 60කදී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය. නමුත් වනිඳු හසරංග හට සහයෝගයට පිතිකරුවෙක් නොසිටී බැවින් වනිඳු හසරංග හට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගෙන ඒමට නොහැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 224ක් පමණයි.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවකියේ පලමු තරඟය ලකුණු 33කින් ජයගැනීමට බංගලාදේශය කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *