තිසර පෙරේරා හා සීකුගේ ප්‍රසන්න විශේෂ ගුවන් යානයකින් පකිස්ථානයට පිටත් වීමට නියමිතයි.

2021 PSL තරගාවලිය පකිස්තානය තුලදී පසුගිය පෙබරවාරි මසදී ආරම්භ වූ අතර , තරග 14 ක් පමණක් ක්‍රියාත්මක කොට මාසයක් පමණ කාලයක් තුලදී තරගාවලිය කල්දැමීමට සිදුවුනේ කොවිඩ් – 19 වෛරසය ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිපදෙනෙක් හට වැලදීම හේතුවෙනි.


එසේ කල්දැමුනු තරගාවලියේ ඉතුරු තරඟ නැවත ජුනි මස පලමු වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුමැතිය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී ඇති බව වාර්ථා වෙනවා.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා සීකුගේ ප්‍රසන්න සහභාගී වීමට නියමිතයි.

පකිස්ථාන සුපර් ලීගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ ගුවන් යානයකින් පකිස්ථානයට පැමිණීමට එරට ගුවන් සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ, කොවිඩ්-19 වෛරසය හේතුවෙන් එරටට පැමිණීමට සංචරණය සීමා පනවා ඇති බැවිනි.

ඒ අනුව තරඟාවලියට සහභාගී වන තිසර පෙරේරා සහ සීලුගේ ප්‍රසන්න විශේෂ ගුවන් යානයකින් පකිස්ථානයට ලඟා වීමෙන් පසුව තරඟාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත එළබෙන 26 වෙනිදා පිටත්ව යාමට නියමිත බව එරට මාධ්‍ය වාර්ථා කර ඇත.


මෙහිදී නියමිත සෞඛ්‍ය නීති රීති වලට අනුව ක්‍රීයා කිරීමට සිදුවනු ඇත.

තවද, පකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ශහීඩ් අෆ්‍රෙඩී හට මෙවර පකිස්ථාන ලීග් තරඟාවලිය අහිමි වී තිබෙනවා. ඒ කරච්චි නුවරදී පැවතී පුහුණුවීම් අතරතුර දී ඔහු පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *