තුන්වන එක්දින තරඟය සඳහා ලසිත් මාලිංග අලුත් කණ්ඩායමක් නම් කරයි.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය මේ වන විට තරඟ 1-1 ක් ලෙස සමතත්වයේ පවතින අතර, දෙරට අතර තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා කළ යුතු දේවල්, ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයින් පිළිඹඳව ලසිත් මාලිංග විසින් ඔහුගේ යූටියුබ් නාළිකාව ඔස්සේ වීඩියෝවක් පළකරමින් ඉදිරිපත් කර සිටියා.
එහිදී ප්‍රධාන වශයෙන් දෙවෙනි එක්දින තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විශිශ්ඨ ශතකයක් ලබාගත් දකුණු අප්‍රිකා ක්‍රීඩක මලාන්ව තරඟය ආරම්භයේදීම දවා ගැනීම කළ යුතු බව සඳහන් කළ අතර, ඒ සඳහා බිනුර ප්‍රනාන්දු හට වැඩි අවස්ථාවක් පවතින බව සඳහන් කර සිටියා.
මලාන් විසින් පන්දුවට පහරදීමේදී පිත්ත අල්ලා සිටින ආකාරය අනුව, extra cover හා Cover Point එක අතරින් පහසුවෙන් ලකුනු ලබාගන්නා බැවින්, බිනර ප්‍රනාන්දු මලාන්ගේ දෙසට පන්දුව දෝලනය කර කඩුල්ල දවා ගැනීමට අවස්ථාව ඇති අතර, පලමු පන්දුවාර 10 තුළදී ඔහු පන්දුවාර 3ක් හෝ 4ක් අනිවාර්යයෙන්ම පන්දුයැවිය යුතු බව ද පවසා සිටියා.
මේ අතර ලසිත් මාලිංග විසින් සඳහන් කර සිටියේ අකිල ධනංජය කඩුලු ලබා ගැනීමට තවමත් කලබලකාරී බැවින්, ඔහු වෙනුවට බිනර ප්‍රනාන්දු මෙම තරඟය ක්‍රීඩා කර, අකිල ධනංජය හට මානසික තරඟට ගැන සිතීමට එක තරඟයට විවේකයක් ලබා දිය යුතු බවයි.
තවද, ශ්‍රී ලංකා කණ්ඩායමේ නම්බර් 3 ක්‍රීඩා කල බානුක රාජපක්ෂ, පහුගිය තරඟ දෙක තුළදීම ලකුනු නොලබා දැවී ගිය අතර, ඔහු වෙනුවට තුන්වන එක්දින තරඟයේදී වෙනසක් කරනවානම් සංචිතය තුළ දිනේශ් චන්දිමාල් හා කමිඳු මෙන්ඩිස් සිටින බව පවසා සිටි නමුත්,
බානුක රාජපක්ෂ හට ඔහු පීඩනය හමුවේ ක්‍රීඩා කරන ආකාරය පිළිඹඳ දැනුවත් වීම සඳහා මෙම තරඟයේදීත් අවස්ථාව ලබාදිය යුතු බව ලසිත් මාලිංගගේ මතය විය.
ඒ අනුව මෙම තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.
1) මිනෝද් බානුක
2) අවිශ්ක ප්‍රනාන්දු
3) බානුක රාජපක්ෂ
4) දනන්ජය ද සිල්වා
5) චරිත් අසලංක
6) දසුන් ශානක
7) වනිඳු හසරංග
8) චාමික කරුණාරත්න
9) දුශ්මන්ත චමීර
10) බිනුර ප්‍රනාන්දු
11) ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් මාලිංග මෙම තරඟාවලිය ආරම්භ වීමට පෙර නම්, කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතනින් බලන්න. (Click)