තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් පමණක් බිඳවැටී ලකුණු 318යි.

(වීඩියෝව පහළින් නරඹන්න) ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පලමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමාවන විට බංගලාදේශ කණ්ඩායම ප්‍රබල තැනකට සිටින අතර දිනය නිමාවන විට ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටිනවා.

 

(Photo by Munir uz ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ශ්‍රී ලංකාව කණ්ඩායමට පලමු ඉනිම වෙනුවෙන් සියලුමදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 397ක් පමණයි. එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් ලබාගත් අතර, දිනේශ් චන්දිමාල් ලකුණු 66ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 54 ද ලබාගැනීමට සමත්වුණා..

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

දෙවෙනි දිනය නිමාවන විට බංගලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටිය අතර, අද දින කඩුලු තුනක් බිඳ වැටී තවත් ලකුණු 242ක් බංග්ලාදේශය ඉනිම වෙනුවෙන් එකතු කරගැනීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තමීම් ඉක්බාල් ශතකයක් ලබාගත් අතර ඔවු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට පන්දු 217කදී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 133ක් ලබාගෙන සිටියා. තමීම් ඉක්බාල් අද දින රැස්කරනු ලැබුයේ ඔහුගේ 10 වන ටෙස්ට් ශතකය වේ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

බංග්ලාදේශ ඉනිමේ ලකුණු 162ක් ලෙස සදහන් වන විට ඔවුන්ගේ පලමු කඩුල්ල ලෙස Mohmudul Hasan, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝශන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවීගිය අතර, ඔහු පන්දු 142කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත්විය.

 

(Photo by Munir uz ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉන් අනතුරුව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 10ක් එක්වුණ විට කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදෙමින් Najmul Hossain ලකුණු 1කටත්, ඉන් අනතුරුව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 12ක් එකතුවන විට Hominul Haque ලකුණු 2කටත් දවාගැනීමට කසුන් රාජිත සමත්වුණා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ආබාධයක් හේතුවෙන් තමීම් ඉක්බාල් ඉවත්වීමෙන් පසු Mushfiqur Rahim හා Litton Das එක්ව දිනය අවසන් වන තෙක් පන්දුවට පහරදුන් අතර, බංග්ලාදේශ කණ්ඩායම තවත් කඩුලු 7ක් ඇතැතිව ශ්‍රී ලංකා ඉනිමට වඩා තවත් ලකුණු 79ක් පිටුපසින් සිටිනවා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී, කසුන් රාජිත පන්දුවාර 11ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17කට කඩුලු 2ක් බිඳ දැමූ අතර අසිත ප්‍රනාන්දු පන්දුවාර 16කදි ලකුණු 55කට එක් කඩුල්ලක් බිඳ දැමීය. (පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් වැඳීම හේතුවෙන් විශ්ව ප්‍රනාන්දු තරඟයෙන් ඉවත්වූ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එකතුවූයේ කසුන් රාජිත වේ.)

 

 

කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු ලබාගත් කඩුලු (වීඩියෝ)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *