තුන්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර.
2020 වර්ෂයේ ආරම්භ වී තුන්වන වරටත් පැවැත්වෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය , දෙසැම්බර් 6 වන දින සිට දෙසැම්බර් 23 වන දින දක්වා පෙර වර්ෂයන් දෙකේදී මෙන්ම කණ්ඩායම් 5කින් යුක්තව පැවැත්වීමට නියමිතයි.
මෙවර ක්‍රීඩාකරන කණ්ඩායම් වන, කලම්බෝ ස්ටාර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා කින්ග්ස් හා කැන්ඩි ෆැල්කොන්ස් වන අතර, එම කණ්ඩායමේ පහේ නායකයින් පිලිවෙලින්, ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක , කුසල් මෙන්ඩිස් , තිසර පෙරේරා හා වනිඳු හසරංග වේ.
දෙසැම්බර් 6 වන දින ආරම්භ වන මෙම තරඟාවලියේ තරඟාවලියේ විකාශන අයිතිය මෙවර අද දෙරණ 24 නාළිකාව විසින් ලබාගෙන ඇති අතර, ඒ අනුව දෙසැම්බර් 6 වන දින සිට සිට දෙසැම්බර් 23 වන දින දක්වා සම්පූර්ණ තරඟාවලිය ඔබට අද දෙරණ 24 නාළිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැක.
ඊට අමතරව ඩයලොග් TV හා පියෝ TV පාරිභෝගිකයින් හට ද තරඟාවලිය සජීවීව නැරඹීම සඳහා නාලිකාවන් තුන බැඟින් ලබාදී ඇති අතර එම නාළිකාවන් මෙන්න,
ඩයලොග් TV නාළිකාව 3 –
1) Sony Sports Ten 1 – Channel No 68
2) Sony Sports Ten 5 – Channel No 76
3) Ten Cricket – Channel No 69
පියෝ Tv නාළිකාව 3 –
1) Sony Sports Ten 1 – Channel No 38
2) Sony Sports Ten 5 – Channel No 37
3) Ten Cricket – Channel No 44
ඊට අමතරව, මෙවර තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබාගත් අද දෙරණ නාළිකාවේ, Youtube නාළිකාව ඔස්සේද තරඟාවකිය සජීවීව විකාශනය වන බව දැනුම් දී ඇති අතර, එබැවින් තරඟාවලිය යූටියුබ් හරහා ද සජීවීව නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.
තවද, Dialog Viu App හා Peo Tv Go App හා Sony Liv App තුන හරහා ද තරඟාවලිය සජීවීව නැරඹිය හැකියි.
තවත් නිව්ස් මෙන්න –
• “චාමික පිලිඹඳව පුහුණුකරුගේ විශ්වාසය නැති වෙලා තිබෙන්නේ” – සම්පූර්ණ විස්තරය මෙන්න (Click)
• මහීශ් තීක්ශණගෙන් අබුඩාබි පිටියේ විශිෂ්ඨ පන්දු යැවීමක් (වීඩියෝ එක මෙන්න – Click)