තුන්වන වරටත් LPL ශූරතාවය තිසර ප්‍රමුඛ ජැෆ්නා කණ්ඩායමට.
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 LPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද (23) පැවැත්වුන අතර එහිදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් තුන්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තිසර පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත්විය..
කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු දිනේශ් චන්දිමාල් පන්දු 40කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව රවී බොපාරා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 33කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 23කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබාගැනීමට සමත්විය. නායක ඇන්ජලෝ මැතිව්ස් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 4 අවසානයේද ලකුණු 18ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් බිඳ දැමූ අතර, තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු , හා මහීශ් තීක්ශන අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 164ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබාගනිමින් තරඟයෙන් තියුණු ජයක් වාර්තා කරගැනීමට සමත්විය.
එහිදී, ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 43කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 27කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර ප්‍රහාරාත්මක පිතිකරු ගුර්බාස් පන්දු 18කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට සුරංග ලක්මාල් සමත්වූ අතර ඔහු පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමූවා. ඊට අමතරව Benny Howell ලකුණු 17කට කඩුලු 2ක් ද, කසුන් රාජිත හා මොහොමඩ් නබී එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් මෙවර LPL ශූරතාවය දිනාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය හා තරඟාවලියේ වීරයා සම්මාන දිනාගනු ලැබූවේ පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම වේ.
මහීශ් තීක්ශන ලබාගත් මැතිව්ස්ගේ කඩුල්ල හා ඇන්ජලෝ මැතිව්ස් රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ,
Maheesh pic.twitter.com/uEIZ8d32wM
— Stay Cricket (@staycricket) December 23, 2022
— Stay Cricket (@staycricket) December 23, 2022