අපි අකමැති දෙයකට අසාධාරණ ලෙස පෙළඹවීමට උත්සහ කරන්න එපා – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉදිරි වර්ශය සඳහා වාර්ශික කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඒ අනුව එක් එක් ක්‍රීඩකයාට කරන ගෙවීම් දක්වා තිබුණි.


මෙම වර්ගීකරණයේදී පෙර වසර වලට වඩා වැටුප් අඩු වීම නිසා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේ කළ බව පසුගිය සඳහන් විය.

අසාධාරණ සහ විනිවිදභාවයක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් නොමැති බවත් අසාධාරණ ලෙස අපිව පෙළඹවීමට උත්සාහ නොකරන ලෙසත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් පිරිසක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ට දන්වයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ගෙවීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුව ගැන නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමචන්ද්‍ර මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයක් මේ බව සඳහන් වේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය වෙනුවෙන් ඔහු එම නිවේදනය නිකුත් කර තිබේ.

AFP PHOTO / ISHARA S. KODIKARA

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පවසන්නේ එම වර්ගීකරණය සිදුකළ ආකාරය එක් එක් ක්‍රීඩකයාට දැනුම්දිය යුතු බවය.

එසේ නොකිරීමෙන් කණ්ඩායමේ අසමගියක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඔවුන් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *