තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෞරවාන්විත තත්වයක.
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟාවලියේ අද (10) තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියා පලමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටියා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 364ක් ලබාගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Steven Smith විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 272කදී හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Marnus Labuschgne පන්දු 156කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 104ක් ලබාගත් අතර, Usman Khawaja ලකුණු 37ක් හා Alex Carey පන්දු 61කදී ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී බංගල තරඟය ක්‍රීඩා කළ ප්‍රබාද් ජයසූරිය සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 118කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව කසුන් රාජිත ලකුණු 70කට කඩුලු 2ක් හා රමේෂ් මෙන්ඩිස් , මහීශ් තීක්ශන ද එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ආරම්භ කළ අතර, තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 431ක් ලබාගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් අද (10) දින සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 13 වන ශතකය ලබාගත් අතර, ඔහු පන්දු 232කදී හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබාගෙන සිටිනවා.
ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න පන්දු 165කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 86ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් ද පන්දු 161කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 85ක් ද ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව කණ්ඩායමේ ඡේෂ්ඨතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 117කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර, තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ද පන්දු 137කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ද ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව මෙම ශ්‍රී ලංකා ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ලකුණු 50+ ලබාගැනීමට සමත්වූ අතර (දිමුත් , මෙන්ඩිස් , ඇන්ජලෝ , චන්දිමාල් , කමිඳු) ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව, ටෙස්ට් තරඟයක එක් ඉනිමකදී ක්‍රීඩකයින් 5 දෙනෙකු අර්ධ ශතක ලබාගත් පලමු අවස්ථාව මෙය වේ.
පන්දු යැවීමේදී Mitchell Starc , Nathan Lion හා Michell Swepson කඩුලු 2 ක බැඟින් දවාගෙන සිටිනවා.
තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් ඇතැතිව ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටින අතර, හෙට (12) තරඟයේ හතරවන දිනයයි.