දකුණු අප්‍රිකා සුපිරි ලීගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙක්..
දකුණු අප්‍රිකාවේදී නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිත වන අතර ඒ සඳහා ක්‍රීඩකයින් වෙන්දේසියටත් පෙර සුපිරි ක්‍රීඩකයින් 30 දෙනෙකු ගිවිසුම ගත වී ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා..
තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ මෙම ක්‍රීඩකයින් අතරින් දෙවැනියට වැඩිම ක්‍රීඩකයින් ගණනක් ගිවිසුම් ගත වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බවයි.
කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් 30 දෙනාම කවුරුන්ද යන්න ඔවුන් නිවේදනය කර නොමැති වුවත් එංගලන්ත ක්‍රීඩකයින් 11 දෙනෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුලත් වන බව සඳහන් කර තිබෙනවා. (ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනා පහළින්)
එංගලන්ත ක්‍රීඩකයින් 11 දෙනා අතරට ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ඔයින් මෝර්ගන් හා ජේසන් රෝයි, ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටන්, මොයීන් අලී යන ක්‍රීඩකයින් ද ඇතුළත් වන බව සදහන්.
මෙම දකුණු අප්‍රිකා ක්‍රීකට් ලීගයේ කණ්ඩායම් 6 ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් වල අයිතිකරුවන් සතුවීම හේතුවෙන් මෙම ලීගය සඳහා ද පකිස්තාන ක්‍රීඩකයින් ඇතුළත් වී නොමැත.
ගිවිසුම් ගත වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් සහිත ක්‍රීඩකයා වනුයේ වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරයි. ඔහු ඇමරිකානු ඩොලර් 200,000කට (රුපියල් කෝටි 7) ගිවිසුම් ගත වී ඇත.
කණ්ඩායම් 6 සඳහාම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුලත් කර ගත හැකි වන අතර ඉදිරි සති කිහිපයේ දී තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි.
ගිවිසුම් ගත වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා මුදල් ප්‍රමාණයන් පහළින්,
1) දුශ්මන්ත චමීර – $200,000
2) චාමික කරුණාරත්න – $150,000
3) මහීෂ් තීක්ෂණ – $100,000
4) මතීෂ පතිරණ – $100,000
5) අකිල ධනංජය – $75,000
6) නිරෝෂන් දික්වැල්ල – $50,000
7) සීක්කුගේ ප්‍රසන්න – $50,000
8) නුවන් ප්‍රදීප් – $50,000
9) ධනංජය ලක්ෂාන් – $30,000
10) විශ්ව ප්‍රනාන්දු – $30,000
කෙසේ නමුත්, ගියවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉහළ මිලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග මෙම ක්‍රීඩකයින් අතරට ඇතුලත් නොවන අතර ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ද ඇතුලත් වී නැත