දකුණු අප්‍රිකාවට එරෙහි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි.

සැත්තැම්බර් 02 වන ආරම්භ වීමට නියමිත එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මෙවර තරඟාවලිය සඳහාත් දසුන් ශානක නායකත්වය දරන අතර, පසු ගිය තරඟාවලි වලදී අවස්ථාවක් හිමි නොවූ ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් මෙවර තරඟාවලිය සඳහා මූලික සංචිතයට එක්ව තිබෙනවා.


ඊට අමතරව ආබාධ තත්වයන් හේතුවෙන් ඉන්දියාව සමඟ පැවතී තරඟාවලිය සඳහා සහභාගි වීමට නොහැකි වූ කුසල් ජනිත් පෙරේරා හා බිනුර ප්‍රනාන්දු යළි කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන අරාධිත සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ දස්කම් දක්වන පුලින තරංග, කමිඳු මෙන්ඩිස්, මහේශ් තීක්ශන, අසිත ප්‍රනාන්දු, ලහිරු මධුසංක යන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද මෙම මූලික සංචිතයට එක්ව සිටිනවා.

(Photo by Gareth Copley/Getty Images)

කෙසේ නමුත් ආර්මි සුපර් ලීග් තරඟාවලියේ මෙන්ම මේ දිනවල පැවැත්වෙන ආරාධිත සුපර් ලීග් තරඟාවලියේද හොඳින් දස්කම් දක්වන සීකුගේ ප්‍රසන්න මෙවර තරඟාවලිය සඳහා ද සංචිතයට ඇතුළත් නොවන අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩිල්ශාන් මුණවීරට ද අවස්ථාවක් ලැබී නොමැත. ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත මෙවර තරඟාවලියෙන් ද ඉවත් වී ඇත.

(Photo credit should read MAL FAIRCLOUGH/AFP/Getty Images)

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය.

දසුන් ශානක – නායක
දිනේශ් චන්දිමාල්
කුසල් ජනිත් පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
බානුක රාජපක්ෂ
දනන්ජය ද සිල්වා


පැතුම් නිස්සංක
චරිත් අසලංක
කමිඳු මෙන්ඩිස්
මිනෝද් බානුක
අශේන් බණ්ඩාර
වනිඳු හසරංග

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

චාමික කරුණාරත්න
සහන් ආරච්චි
ලහිරු මධුසංක
දුශ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
නුවන් ප්‍රදීප්

(Photo credit should read GLYN KIRK/AFP/Getty Images)

ඩිල්ශාන් මධුසංක
ලහිරු කුමාර
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම
මහේශ් තීක්ෂණ
පුලින තරංග


රමේශ් මෙන්ඩිස්
ලක්ශාන් සඳකැන්
අසිත ප්‍රනාන්දු
ඉශාන් ජයරත්න
දනන්ජය ලක්ශාන්
ශිරාන් ප්‍රනාන්දු

(Photo by Pat Elmont – ECB/ECB via Getty Images)

සැත්තැම්බර් 02 දින ආරම්භ වන මෙම තරඟාවලියේ සියලුම තරඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඇත.

තරඟාවලියේ කාළ සටහන මෙතනින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *