දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි. – ටෙම්බා බවුමා
ජාත්‍යන්තර එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය සැත්තැම්බර් 02 දින ආරම්භ වීමට නියමිත වන අතර මේ වන විට ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම තරඟාවලිය සඳහා ක්රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයක් නම් කර ඇති අතර, එහි නායකත්වය දසුන් ශානකට හිමි වී තිබෙනවා. (ක්රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය පහළින් නැරඹිය හැක.)
දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා විසින් තරඟාවලිය පිළිඹඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගෙන් පාලනයක කර තරඟාවලිය ජයගැනීමට හැකි බව පවසා තිබෙනවා. ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එකේ සිටින ශම්සි හා මහරාජ් සිටීම කණ්ඩායමට ශක්තියක් වන බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අපගේ දඟ පන්දු යවන්නන්ගෙන් පරාජය කර තරඟ ජයග්‍රහණය කරන්න පුලුවන්. විශේෂයෙන්ම අප සතුව හොඳ මට්ටමේ දඟ පන්දු යවන්නන් ඉන්නවා. ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ශම්සි එක්ක කේශව් මහරාජ් අපේ කණ්ඩායමේ සිටිනවා. ඊට අමතරව ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා George Linde හා Bjorn Fortuin යන පන්දු යවන්නන් දෙදෙනා ද සිටිනවා. – ටෙම්බා බවුමා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ කණ්ඩායමක් බවත්, පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් බව ද ටෙම්බා බවුමා පවසා තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම පහසු දෙයක් නෙවෙයි. එය ටෙස්ට් තරඟ ද සීමිත පන්දුවාර තරඟද කියලා වෙනසක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමද හොඳ කණ්ඩායමක්. ඔවුන්ව පරාජය කිරීම ද පහසු කාර්යයක් නෙවේ. කෙසේ නමුත් එම අභියෝගය තමන් ඇතුළු අපගේ කණ්ඩායම හොඳින් බාරගන්නවා” – ටෙම්බා බවුමා.

මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා ක්රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙතනින් බලන්න.. (Click