දනන්ජය ද සිල්වාගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවකට.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයේ හතරවන දිනය නිමාවන විට ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට දනන්ජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.
ශ්‍රී ලංකාව පලමු ඉනිමේ ලබාගත් ලකුණු 204ට පිලිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 253ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව ලකුණු 49ක පසුපසින් සිට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම ආරම්හ කර තුන්වන දිනය අවසන් වන විට ලකුණු 46කට කඩුලු 2ක් ලෙස සටහන් වුණ අතර, අද දින ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 221ක් වන විට කඩුලු 8ක් බිඳ දැමීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය.
අනතුරුව දනන්ජය ද සිල්වා සමඟින් එක්වූ ලසිත් ඇඹුල්දෙණිය නැවතත් ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවකට ගෙන යාමට සමත්වූ අතර, අද (2) හතරවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගැනීමට සමත් වුණා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින දනන්ජය ද සිල්වා ලකුණු 153* ක් හා ඔහුට අනගි සහයක් ලබාදුන් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 25*ක් ලබාගෙන සිටී.
මේ අතර අද දින විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දනන්ජය ද සිල්වා තම ටෙස්ට් දිවියේ 8 වන ශතකය රැස්කර ගැනීමට හැකි වූ අතර, මේ ඔහු ක්‍රීඩා කරන 38 වන තරඟයයි. කුසල් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් තරඟ 47ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහු ටෙස්ට් පිටියේ වාර්ථාකර ඇත්තේ ශතක 7ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක ලබාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ කුසල් මෙන්ඩිස්ව පසුකර යාමට දනන්ජය ද සිල්වාට හැකිවිය.
මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලාභීන්,
• කුමාර් සංගක්කාර – 38
• මහේල ජයවර්ධන – 34
• අරවින්ද සිල්වා – 20
• TM ඩිල්ශාන් , මාවන් අතපත්තු – ශතක 16 බැඟින්
• තිලාන් සමරවීර, සනත් ජයසූරිය – 14 බැඟින්
• දිමුත් කරුණාරත්න* – 13
• දිනේශ් චන්දිමාල් , හශාන් තිලකරත්න, ඇන්ජලෝ මැතිව්ස්* – ශතක 11 බැඟින්
• දනන්ජය ද සිල්වා – 8
ඊට අමතරව අද දින දනන්ජය ද සිල්වා සමඟින් ලසිත් ඇඹුල්දෙණිය 9 වන කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 107 ක සබඳතාවයක් එක් කිරීමට සමත්වූ අතර, එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව, ශ්‍රී ලංකාව 9 වන කඩුල්ලට තබා ඇති හොඳම සබඳතාවයයි. මීට පෙර 2005 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 9 වන කඩුල්ල සඳහා ලකුණු 66ක් ලබාගනිමින් තබා තිබූ වාර්ථාව කැඩීමට අද දින දනන්ජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය සමත්විය.
ඊට අමතරව, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 9 වන කඩුල්ල සඳහා තබා ඇති හොඳම ලකුණු සබඳතාවය ද තමන්ගේ නමින් ලියාගැනීමට අද දින දනන්ජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය සමත්විය.