දඹුල්ල කණ්ඩායමට එරෙහිව, කොළඹ කණ්ඩායමට පහසු ජයක්.

නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 4වන තරඟය ලෙස අද (26) පැවතී දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ලබාගැනීමට චරිත් අසලංකගේනායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක Lasith Abeyratne පන්දු 53කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නායක අශාන් ප්‍රියන්ජන් පන්දු 25කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබාගත් නමුත්, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනින්, පන්දුවාර 10ක් අවසානයේදී ලකුණු 35ක් පමණක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

 

ඊට අමතරව, නායක චරිත් අසලංක පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 19කට කඩුලු 2ක්, කලන පෙරේරා පන්දුවාර 5කදී ලකුණු 18කට කඩුලු 2ක් ලබාගත් අතර, කවිඳු නදීශාන් හා සම්මු අශාන් අතරේද එක් අඩුල්ල බැඟින් බෙදීගියේය.

 

ඉන් අනතුරුව, ලකුණු 144ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී කොළඹ කණ්ඩායම පන්දුවාර 20.4 ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

කොළඹ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 44කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව චරිත් අසලංක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්, පන්දු 46කදී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබාගත් අතර, කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරන විට අසලංක සමඟින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්න – 4* (6)

 

පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන් ලකුණු 23කට එක් කඩුල්ලක්, ලක්ශාන් සඳකැන් ලකුණු 24කට එක් කඩුල්ලක් හා, නුවන් තුශාර ලකුණු 20කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

ඒ අනුව, දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ කණ්ඩායම කඩුලු 7ක පහසු ජයක් ලබාගත් අතර, මෙය කොළඹ කණ්ඩායම මෙවර නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ ලැබූ පලමු ජයග්‍රහණයයි. තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චරිත් අසලංක වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *