දඹුල්ල කණ්ඩායමට එරෙහිව දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායමට විශිෂ්ට ජයක්.

නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ දෙවන තරඟය ලෙස අද (24) පැවතී යාපනය කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් ලබාගැනීමට දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සමත්විය.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 255ක්.

යාපනයේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දනංජය ද සිල්වා පන්දු 64කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 69ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඉෂාන් ජයරත්න පන්දු 44කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 41කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය. සන්තුශ් ගුණතිලක – 33 (34) , ලහිරු තිරිමාන්න – 28 (35)

 

 

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනින්, පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 41කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ, දනංජය ද සිල්වා, රවිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ වේ.

 

(Photo credit should read CHRISTIAAN KOTZE/AFP via Getty Images)

 

ඊට අමතරව, ලක්ශාන් සඳකැන් ලකුණු 44කට කඩුලු 3ක් ලබාගත් අතර, නුවන් තුශාර, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

ඉන් අනතුරුව, ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 25.5 ක් අවසානයේදී සියලුම දෙනාදැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 79ක් පමණයි.

දඹුල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක අශාන් ප්‍රියන්ජන් පන්දු 42කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු වූ Ron Chandraguptha පන්දු 28කදී ලකුණු 13ක් හා ලක්ශාන් සඳකැන් ලකුණු 10ක් ලබාගත් නමුත්, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට ජැෆ්නා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ජැෆ්නා කණ්ඩායමේ නායක දනංජය ද සිල්වා සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 5කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ Ron Chandraguptha, Sonal Dinusha හා අශාන් ප්‍රියන්ජන් වේ.

 

 

ඊට අමතරව, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 12කට කඩුලු 2ක් හා ඉශාන් ජයරත්න හා දිලුම් සුදීර ද කඩුලු දෙක බැඟින් දවාගත් අතර, නුවන් ප්‍රදීප් ද ලකුණු 12කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

ඒ අනුව, නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ ජැෆ්නා කණ්ඩායම මුහුණදුන් පලමු තරඟයෙන්ම ලකුණු 176ක දැවැන්ත ජයක් ලබාගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ ජැෆ්නා නායක දනංජය ද සිල්වා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *