දඹුල්ල කණ්ඩායමට එරෙහිව නුවර කණ්ඩායමට පහසු ජයක්.
මෙවර නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 7වන තරඟය ලෙස අද (30) පැවතී නුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 155ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට නුවර කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 318ක් ලබාගැනීමට සමත්විය.
නුවර ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 141කදී හතරේ පහර 13ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 138ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක කමිඳු මෙන්ඩිස් පන්දු 53කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 43,ක් ලබාගත් අතර, සහන් ආරච්චිගේ පන්දු 34කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 87ට කඩුලු 4ක් දවාගත් ගත් අතර, ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ නිරෝශන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ හා ලසිත් ඇඹුල්දෙණිය වේ.
ඊට අමතරව දුවිඳු තිලකරත්න පන්දුවාර 10ක් අවසානයේදී ලකුණු 40කට කඩුලු 2ක් දවාගත් අතර, අනුක් ප්‍රනාන්දු ලකුණු 62කට එක් කඩුල්ලක් හා, ලක්ශාන් සඳකැන් ද පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 63කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී දඹුල්ල කණ්ඩායමට, පන්දුවාර 42.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 163ක් පමණයි.
දඹුල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක අශාන් ප්‍රියන්ජන් පන්දු 79කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, ආරම්භක පිතිකරු ගයාන් මනීශාන් පන්දු 46කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබාගත් අතර, අනුක් ප්‍රනාන්දු පන්දු 36කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී නුවර කණ්ඩායම වෙනුවෙන් පුලින තරංඟ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 39කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 16කට කඩුලු 2ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 35කට කඩුලු 2ක් දවාගත් අතර, ලසිත් ඇඹුල්දෙණිය හා තීක්ශිල ද සිල්වා එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, දඹුල්ල කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමින් මෙවර තරඟාවලියේ දෙවන ජයග්‍රහණයට හිමිකම් කීමට කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ කමිඳු මෙන්ඩිස් සමත්විය.