දඹුල්ල කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 132කින් පරාජය කිරීමට කොළඹ කණ්ඩායම සමත්වෙයි.

මේ දිනවල පැවැත්වන National Super Provincial 4-Day තරඟාවලියේ තුන්වන තරඟය ලෙස පැවතී දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් ඉනිමක හා ලකුණු 132ක දැවැන්ත ජයක් ලබාගැනීමට සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 76.3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 277ක් ලබාගැනීමට සමත්විය.

දඹුල්ල පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශාන් ප්‍රියංජන් පන්දු 88කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව චමිඳු විජේසිංහ පන්දු 98කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු Leo Fransisco ලකුණු 36ක් , ලහිරු සමරකෝන් ලකුණු 35ක් හා මලින්ද පුශ්පකුමාර ද ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී Lakshitha Manasinghe ලකුණු 76කට කඩුලු 3ක් ලබාගත් අතර, කසුන් රාජිත, නිසල තාරක හා ප්‍රබාද් ජයසූරිය කඩුලු දෙක බැඟින් හා ලහිරු මධුසංක ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

අනතුරුව කොළඹ කණ්ඩායම පලමු ඉනිම ආරම්භක කළ අතර ඔවුන් පන්දුවාර 155.2ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 516ක් ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 173කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 114ක් ලබාගැනීමට සමත්වුණා.

 

ඊට අමතරව අශේන් බණ්ඩාර පන්දු 170කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 91ක් හා ලහිරු මධුසංක පන්දු 105කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබාගත් අතර, රොශේන් සිල්වා පන්දු 100කදී ලකුණු 57ක් හා නිසල තාරක ලකුණු 47ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩක මලින්ද පුශ්පකුමාර පන්දුවාර 51ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 141කට කඩුලු 5ක් දවාගත් අතර, අශාන් ප්‍රියංජන්, චමිඳු විජේසිංහ , දුවිඳු තිලකරත්න හා ලක්ශාන් සඳකැන් අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

ඉන් අනතුරුව ලකුණු 239ක් පසුපසින් සිට දඹුල්ල කණ්ඩායම තම දෙවෙනි ඉනිම ආරම්භක කළ අතර ඔවුන්ට දෙවෙනි ඉනිමේදී සියලු දෙනාදැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 107ක් පමණයි.

දඹුල්ල දෙවෙනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශාන් ප්‍රියංජන් පන්දු 16කදී ලකුණු 23ක් ලබාගත් අතර, දුවිඳු තිලකරත්න ලකුණු 20ක් හා ලහිරු සමරකෝන් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායමේ Lakshitha Manasinghe ලකුණු 38කට කඩුලු 3ක් හා ප්‍රබාද් ජයසූරිය ලකුණු 29කට කඩුලු 3ක් දවාගත් අතර කසුන් රාජිත හා සම්මු අශාන් අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඒ අනුව තරඟාවලියේ තුන්වන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් දඹුල්ල කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 132කින් ජයග්‍රහණය කිරීමට කොළඹ කණ්ඩායම සමත්වූ අතර ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයට පත්වීමට සමත්වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *