දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හතරවන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේදී සියලුමදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණයි.
දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු පන්දු 25කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ අවසන් භාගයේදී චාමික කරුණාරත්න පන්දු 24කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගැනීමට සමත් වූ අතර, රමේශ් මෙන්ඩිස් පන්දු 8කදී ලකුණු 14ක් ලබාගැනීමට සමත් විය. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායක දසුන් ශානකට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 16කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර මහීශ් තීක්ශණ ද ලකුණු 22කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
ඊට අමතරව සුරංග ලක්මාල් පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින්, ලකුණු 28කට කඩුලු 2ක් දවාගත් අතර, Jayden Seales ලකුණු 23කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 12.3 ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබාගනිමින් තරඟය කඩුලු 8කින් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tom kohler-Cadmore පන්දු 30කදී හතරේ පහර 5ක් හා හයේ පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්ද පන්දු 27කදී හතරේ පහරක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත්වූ අතර ශියිබ් මලික් පන්දු 10කදී හයේ පහරවල් 3 සමඟින් නොදැවී ලකුණු 26ක් ලබාගැනීමට සමත් විය.
පන්දු ඉම්රාන් තහීර් ලකුණු 20කට එක් කඩුල්ලක් හා නුවන් ප්‍රදීප් ලකුණු 39කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පලමු ජය වාර්ථා කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් මහීශ් තීක්ශණ වේ.
මහීශ් තීක්ශණගේ සුපිරි පන්දු යැවීමේ වීඩියෝව,
— cric fun (@cric12222) December 7, 2021
අවිශ්ක ප්‍රනාන්දු පිතිහරඹය (වීඩියෝ),
— cric fun (@cric12222) December 7, 2021