දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 4වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අද (12) සමත් වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 14.1ක් අවසානයේදී සියලුමදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 69ක් පමණයි.
දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පන්දු 22කදී හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත් වුණා.
ඊට අමතරව තරිදු රත්නායක පන්දු 14කදී හහරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබාගැනීමට සමත් වූ අතර අනෙක් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය. නායක දසුන් ශානකට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.
පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී එක් නිළකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 16කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
ඊට අමතරව මහීශ් තීක්ශණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21කට කඩුලු 3ක් ද, වනිඳු හසරංග, ශොයිබ් මලික් හා අශේන් බන්ඩාර ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 70ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 9.2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට සමත්විය.
ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ වනිඳු හසරංග පන්දු 18කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 37ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබාගැනීමට සමත් වූ අතර, තරඟය ජයග්‍රහණය කරන ව්ට අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටියා.
පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21ට කඩුලු 2ක් දවාගත් අතර, Josh Little ලකුණු 7කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරඟය කඩුලු 7 කින් පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 16කට කඩුලු 4ක් දවාගත් චතුරංග ද සිල්වා වේ.
චාමිකගේ කඩුල්ල ලබාගත් පසු අවිශ්ක ප්‍රනාන්දු හා, චතුරංග ද සිල්වා කළ දේ ,
Avishka Fernando & Chathuranga de silva ??#LPL2021 #JKvsDG pic.twitter.com/FLyTjxjwEo
— Stay Cricket (@staycricket) December 13, 2021
Maheesh thikshana | 3 Wickets #LPL2021 #JKvsDG pic.twitter.com/XH2Glaotok
— Stay Cricket (@staycricket) December 13, 2021