දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හමුවේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට තියුණු ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 16 වන තරඟය ලෙස අද (14) පැවතී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්ථා කිරීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් වුණා. (චාමික හා මෙන්ඩිස් අතර ඇතිවූ සිද්දියේ වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 14කට සීමාවූ තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 14 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 137ක් ලබාගැනීමට සමත්විය.
ගෝල් ග්ලැඩියේටස් ඉනිමේ වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 17කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක භානුක රාජපක්ෂ පන්දු 20කදී හහරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබාගැනීමට සමත් වූ අතර දනුශ්ක ගුණතිලක පන්දු 12කදී ලකුණු 22ක් හා ඉසුරු උදාන පන්දු 8කදී ලකුණු 13ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඔහු පන්දුවාර 3 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Josh Little ලකුණු 29කට කඩුලු 2ක් හා තරිදු රත්නායක ලකුණු 17ට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 135ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 14 අවසානයේදී කඩුලු 5ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 125ක් පමණයි.
දඹුල්ල ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ පන්දු 37කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Phil Salt වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 29කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 42ක් හා Najibullah Zadran පන්දු 23කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී සමිත් පටෙල් පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් දවාගත් අතර, මොහොමඩ් අමීර් හා ඉසුරු උදාන ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම මෙම තරඟය ලකුණු 9කින් ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දුවාර 3 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් දවාගත් සමිත් පටෙල් වේ.
කුසල් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න අතර ඇතිවූ සිද්ධිය (වීඩියෝ),
Chamika Karunaratne & Kusal Mendis ?#LPL2021 #GGvsDG pic.twitter.com/VBg9kbuGun
— Stay Cricket (@staycricket) December 14, 2021