දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජය වාර්ථා කරයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන තරඟය ලෙස පැවතී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 18 තියුණු ජයක් වාර්ථා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් නායක දසුන් ශානක පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබාගැනීමට සමත් විය.
දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ආරම්භ පිතිකරු Phil Salt පන්දු 34කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ Najibullah Zadran පන්දු 40කදී හහරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වූ අතර, නායක දසුන් ශානක පන්දු 25කදී හතරේ පහරවල් 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 34කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර Keemo Paul, අකිල ධනංජය හා සීකුගේ ප්‍රසන්න ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායට පන්දුවාර 18.5ක් අවසානයේදී සියලුම දෙනා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 177ක් පමණි.
කලම්බෝ ස්ටාර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් පන්දු 16කදී හතරේ පහර 2ක් හා හයේ පහරවල් 2ක් සමඟින් වේගවත් ලකුණු 26ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Tom Banton පන්දු 14කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 23 ලබාගැනීමට සමත්වූ අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 11කදී හතරේ පහරවල් 2ක් හා හයේ පහරවල් 2 සමඟින් වේගවත් ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය. නායක දනන්ජය ද සිල්වා ලකුණු 21ක් හා අවසානයේදී දුශ්මන්ත චමීර වේගවත් ලකුණු 15ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් පන්දුවාර 4 තුළ ලකුණු 50කට කඩුලු 3ක් දවාගත් අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අත් දෙකෙන්ම පන්දු යැවීමට හැකි තරිඳු රත්නායක ලකුණු 17කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
ඊට අමතරව චාමික කරුණාරත්න පන්දුවාර 3.5 තුල, ලකුණු 46කට කඩුලු 2ක් හා ඉම්රාන් තහීර් ලකුණු 36කට කඩුලු 2ක් දවාගත් අතර, රමේශ් මෙන්ඩිස් ද ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවන ජය වාර්ථා කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 34කදී ලකුණු 62ක් ලබාගත් Phil Salt වේ.
නිරෝශන් දික්වැල්ල රැකගත් සුපිරි උඩපන්දුව,
Dickwella & Chamika Karunaratne ?#LPL2021 pic.twitter.com/4WTfCuuTBP
— Stay Cricket (@staycricket) December 8, 2021
තරිදු රත්නායක අත් දෙකෙන්ම පන්දු යවමින් දවාගත් කඩුලු 2ක,
— cric fun (@cric12222) December 8, 2021