දඹුල්ල ජයන්ට්ස් පරාජයට පත් කරමින් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Qualifier 2 තරඟය ලෙස අද (21) පැවතී ජැෆ්නා කින්ග් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 23ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ජයන්ට්ස් නායක නිරෝශන් දික්වැල්ල පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 210 ක් ලබාගැනීමට සමත්විය.

ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කදී පහරේ පහර 10ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබාගැනීමට සමත්විය.

 

අවිශ්ක ප්‍රනාන්දු අද ලබාගත් ශතකය, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වාර්ථා වුණ දෙවන ශතකය වන අතර, මෙවර තරඟාවලියේ වාර්ථා වුණ පලමු ශතකය වේ.  ( 2020 – Laurie Evans – 108* (65)

ඊට අමතරව අවිශ්ක සමඟින් ඉනිම ආරම්භ කළ Rahmanullah Gurbaz පන්දු 40කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4 සමඟින් වේගවත් ලකුණු 70ක් ලබාගැනීමට සමත් විය.

 

අවිශ්ක ප්‍රනාන්දු හා ගුර්බාස් පලමු කඩුල්ල සඳහා පන්දු 80කදී ලකුණු 122ක සබඳතාවයක් පැවැත්වීමට හැකි වූ අතර එය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියක පලමු කඩුල්ල සඳහා වාර්ථා වූ ඉහළම ලකුණු සබඳතාවය වේ. ( මීට පෙර, කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක පලමු කඩුල්ල සඳහා = ලකුණු 121 (80)

 

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූ අතර, චාමික කරුණාරත්න ලකුණු 53කට හා Marchant De Lange ලකුණු 47කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

දඹුල්ල ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චාමික කරුණාරත්න පන්දු 47කදී හතරේ පහර 10ක් හා හයේ පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Phil Salt පන්දු 11කදී හතරේ පහර තුනක් හා එක් හයේ පහරක්  සමඟින් ලකුණු 22ක් ලබාගත් අතර , Najibullah Zadran පන්දු 15කදී ලකුණු 21ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී Jayden Seales විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 24කට කඩුලු 3ක් දවාගත් ගැනීමට සමත්වූ අතර, නායක තිසර පෙරේරා ලකුණු 50කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

ඊට අමතරව මහීශ් තීක්ශණ ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු 2ක් හා, වනිඳු හසරංග හා සුරංග ලක්මාල් ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 64කදී ලකුණු 100ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු වේ.

 

 

වනිඳු හසරංග රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *