දසුන් ශානකගෙන් වාර්ථා රැසක්. පලමු තරඟයෙන් ඉන්දියාවට ලකුණු 67ක ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය අද (10) පැවැත්වුණ අතර, එම තරඟයෙන් ලකුණු 67ක ජයක් ලබාගැනීමට රෝහිට් ශර්මා ප්‍රමුඛ ඉන්දියා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක්අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබාගැනීමට සමත්වුණා.
ඉන්දියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක විරාට් කෝලි ජාත්‍යන්තර එක්දින පිටියේ 45වන ශතකය ලබාගැනීමට සමත් වු අතර ඔහු පන්දු 87කදී හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 60කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 70ක් හා නායක රෝහිට් ශර්මා පන්දු 67කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 83ක් ද ලබාගැනීමට සමත්වුණා. KL රාහුල් ලකුණු 39ක් ලබාගත් අතර, හර්දික් පාන්ඩ්‍යා හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 14ක් පමණයි.
පන්දු යැවීමේදී කසුන් රාජිත නියමිත පන්දුවාර 10 අවසානයේදී ලකුණු 88කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර, ඩිල්ශාන් මධුසංක , චාමික කරුණාරත්න , දසුන් ශානක හා දනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
අනතුරුව ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායට නියමිත පන්දුවාර 50ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 306ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නැවතත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නායක දසුන් ශානක ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 88කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබාගැනීමට සමත්වුණා. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 2වන ශතකයයි.
අද ලබාගත් ලකුණු 108ත් සමඟින් දසුන් ශානක ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 1000 සීමාව පසුකර යාමට ද සමත්වුණා.
තවද, නො.6 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශතක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 2ක් ලබාගැනීමට සමත්වූ පලමු ක්‍රීඩකයා බවට පත්වීමට ද දසුන් ශානක සමත්වුණා.
දසුන් ශානක ලබාගත් මෙම ශතකයත් සමඟින් ඉන්දියාව වෙනුවෙන් ශතකයක් ලබාගත් 10 වන ශ්‍රී ලාංකිකයා වීමට ද දසුන් සානක සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 80කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 72ක් ලබාගත් අතර දනංජය ද සිල්වා පන්දු 40කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 47ක් ලබාගැනීමට සමත්විය. චරිත් අසලංක හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 23ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවීගිය අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5කට දැවීගියා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ උම්රාන් මලික් පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 57කට කඩුලු 3ක් හා මොහොමඩ් සිරාජ් ලකුණු 30කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, මොහොමඩ් ශාමි, හර්දික් පාන්ඩ්‍යා හා යුස්වෙන්ද්‍ර චහල් එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දියා කණ්ඩායම තරඟාවලියේ පලමු තරඟයම ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ඉන්දියාව වෙනුවෙන් ශතකයක් ලබාගත් විරාට් කෝලි වේ.
දසුන් ශානකගේ විශිෂ්ඨ ශතකය සමඟින් තරඟයේ Highlights මෙන්න. (Video)