දසුන් ශානකගෙන් වේගවත් අර්ධ ශතකයක්. Dubai Capitals කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) International League T20 තරඟාවලියේ 29 වන තරඟය ලෙස පැවතී Mi Emirates කණ්ඩායම හා Dubai Capitals කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Dubai Capitals කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Dubai Capitals කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Mi Emirates කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Nicholas Pooran වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, ආරම්භක පිතිකරු Muhammad Waseem පන්දු 24කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් හා Dan Mousley පන්දු 35 කදී ලකුණු 31ක් ලබාගත් අතර Lorcan Tucker පන්දු 15කදී ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Jake Ball පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Adam Zampa පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් හා Shikandar raza එක් කඩුල්ලක් ද බිඳ දැමීය.
අනතුරුව ලකුණු 165 ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Dubai Capitals කණ්ඩායමට පන්දුවාර 18.1ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් ලබාගනිමින් තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වුණා.
Dubai Capitals ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 36කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්වුණා. ඔහු අර්ධ ශතකය ලබාගැනීමට හැකිවූයේ පන්දු 32කිනි.
ඊට අමතරව දසුන් ශානක සමඟින් එක්ව විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගූ සිකන්දර් රාසා ද වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්ද 36කදී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ද ලබාගැනීමට සමත්විය. Rowman powell ලකුණු නොළබාම දැවීගිය අතර Robin Uthappa පන්දු 20කදී ලකුණු 29ක් ද ලබාගැනීමට සමත්වුණා.
Dubai Capitals ඉනිමේ බිඳ වැටුනු කඩුලු 3 ලබාගැනීමට හැකිවූයේ Zahir Khan (පන්දුවාර 4 , ලකුණු 18කට කඩුලු 2) හා Carig Overton (පන්දුවාර 4 , ලකුණු 14කට එක් කඩුල්ලක්) වේ.
ඒ අනුව, Mi Emirates කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Dubai Capitals කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් දසුන් ශානක වේ.
දසුන් ශානකගේ වේගවත් ඉනිම. (Video)
DASSA ?? pic.twitter.com/NBpKmFhple
— Stay Cricket (@staycricket) February 5, 2023