දසුන් ශානකගෙන් සුපිරි වාර්ථාවක්. ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර, තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 16ක ජයක් වාර්තා කරගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් හර්දික් පාන්ඩ්‍යා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්විය..
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස්ද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 19කදී හයේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් හා පැතුම් නිස්සංක පන්දු 35කදී ලකුණු 33ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී යොවුන් ක්‍රීඩක උම්රාන් මලින් පන්දුවාර 4 අවසානයේද ලකුණු 48කට කඩුලු 3ක් බිඳ දැමූ අතර Axar Patel ලකුණු 24කට කඩුලු 2ක් හා යුස්වෙන්ද්‍ර චහල් ලකුණු 30කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
මෙම තරඟයේදී නයක දසුන් ශානක ඔහුගේ අර්ධ ශතකය පන්දු 20කදී ලබාගත් අතර, එය ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තාකළ වේගවත්ම් අර්ධ ශතකයයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මහේල ජයවර්ධන වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන්, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතක වාර්තාකර ඇති ක්‍රීඩකයින් මෙන්න.
1) දසුන් ශානක – පන්දු 20කදී – ඉන්දියාවට එරෙහිව (2023 වර්ෂයේදී)
2) මහේල ජයවර්ධන – පන්දු 21කදී – කෙන්‍යාවට එරෙහිව (2007 වර්ෂයේදී)
3) කුමාර් සංගක්කාර – පන්දු 21කදී – ඉන්දියාව එරෙහිව (2009 වර්ෂයේදී)
4) කුසල් පෙරේරා – පන්දු 22කදී – ඉන්දියාවට එරෙහිව (2018 වර්ෂයේදී)
5) සනත් ජයසූරිය – පන්දු 23කදී – නවසීලන්තයට එරෙහිව (2006 වර්ෂයේදී)
අනතුරුව ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 190ක් පමණයි.
ඉන්දියා ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල Axar Patel පන්දු 31කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 65ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව සූර්යකුමාර් යාදෙව් ද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රීඩා පන්දු 36කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබාගත් අතර Shivam Mavi පන්දු 15කදී ලකුණු 26ක් ද ලබාගැනීමට සම්ත්විය. නායක හර්දික් පාන්ඩ්‍යාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට කසුන් රාජිත පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22ක් පමණක් ලබාදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළ දසුන් ශානක ලකුණු 4කට කඩුලු 2ක් ද ඩිල්ශාන් මධුසංක කඩුලු 2ක් හා වනිඳු හසරංග , චාමික කරුණාරත්න අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා..
ඒ අනුව, තියුණු තරඟයකින් අනතුරුව ඉන්දියා කණ්ඩායම පරාජයට පත්කරමින් තරඟ තුනකින් යුත් T20 තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් නායක දසුන් ශානක වේ..
දසුන් ශානකගේ වේගවත් ඉනිම මෙන්න (වීඩියෝව)
Dssa pic.twitter.com/QiWQagi9GY
— Stay Cricket (@staycricket) January 5, 2023
What a catch by Kusal Mendis
Hardik Pandya out
Best Catch of 2023 so far#PAKvsNZ #ShadabKhan #ShahidAfridi #NZvsPAK Asia Cup Hassan Ali Chief of Army Staff Dasun Shanaka #Kuttey #Earthquake #INDvSL Shadab Khan) #தமிழ்நாடு Taaza Khabar Jaldi Aaya #AdiyogiInBengaluru #UmranMalik pic.twitter.com/bsouTrvOPw— Muhammad Faisal Baloch (@faisalbaloch56) January 5, 2023