දසුන් ශානක හට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලිය අහිමි වෙයි…?

2022 නව වසර ආරම්භ වෙමින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහභාගි වන පලමු ජාත්‍යන්තර එක්දින තරඟාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙම මස 16 වන දින ආරම්භ වුමට නියමිට වන අතර, තරඟාවලියට තරඟ තුනක් ඇතුළත් වෙයි.

 

මෙම තරඟාවලිය සඳහා මේ වන විට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරඟ වල නායකයා වන දසුන් ශානකට ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න ගැටලුවක් මතුවී තිබෙනවා.

ඒ, දසුන් ශානක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැවිනි.

 

 

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලිය ඉලක්ක කරගනිමින්, මෙම මස 7 වන දින ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතා පරීක්ශනය පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත්, වෛද්‍ය අංශ පවසන්නේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු අවම තරමින් සති දෙකක කාලයක් වත් ශරිර යෝග්‍යතා පරීක්ෂණයකට ඉදිරිපත්වීමට අවශ්‍ය බවයි.

 

මේ හේතුවෙන් ශ්‍රී ලංකා නායක හා, දක්ශ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හට මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉතාමත් අඩු අවස්ථාවක පවතී. එහි අවසන් තීන්දුව වෛද්‍යවරුන් ගේ හා කණ්ඩායමේ භෞත චිකිත්සක නිර්දේශය මත තේරීම් කමිටුව ගැනීමට නියමිතව තිබෙනවා.

 

කෙසේනමුත්, දසුන් ශානක ගේ පාර්ශ්වයෙන් තොරතුරු සොයා බැලීමේදි වාර්ථා වන්නේ ඔහු සිම්බාබ්වේ සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරිමේ උවමනාවෙන් පසුවන බවයි.

 

ඊට අමතරව, අලුතින් හඳුන්වා දුන් ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් වන කිලෝමීටර් 2ක් විනාඩි 8යි තප්පර 35ක් ඇතුළත දිවීමේ ක්‍රමයේ මෙවර එහි කාලයද තවත් අඩු කර තිබෙනවා. නව ක්‍රමය අනුව කිලෝමීටර් 2ක දුර දිවීමට ලබාගනීමට හැක්කේ විනාඩි 8යි තප්පර 10ක කාලයක් පමණයි.

 

එමෙන්ම SkinfFold පරීක්ෂණයේ Standerds ද වෙනස් කර ඇති බව වාර්තා වනවා. SkinfFold 85 සිට 70 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *