දැන් ඉන්න ක්‍රීඩකයින් නායකත්වයට පෙරේතකමේ ඇනකොටා ගන්නවා. – මුත්තයියා මුරලිදරන්
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ (12) හිරු ටීවී රූපවාහිනී නාළිකාවේ සළකුණ නම් වැඩසටහට එක් වී අද ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවී ඇති කඩා වැටීම පිළිඹඳව සාකච්ඡා කෙරුණා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම ක්‍රිකට් කඩා වැටීමට ප්‍රධානතම හේතුව වර්ථමාන ක්‍රීඩකයින්ගේ විනයක් නැති බවත්, රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමත් නිසා බවයි.
සංගක්කාරට, මහේලට හැමෝම චෝදනා කරනවා අපි ඉන්න කාලේ ක්‍රීඩකයින් හදපු නැති නිසා අද මෙහෙම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ක්‍රීඩාවෙන් සමු අරගෙනත් දැන් අවුරුදු 6ක් විතර වෙනවා. තවමත් ඒගොල්ලොද මේ කඩාවැටීමට වගකියන්න ඕනේ. මම කියන්නේ අද ක්‍රිකට් කඩාවැටීමට ප්‍රධානම හේතුව ක්‍රීඩකයින්ට විනයක් නැති වීම.
පහුගිය අවුරුදු කිහිපය තුල නායකයින් 10 දෙනෙක් හිටියා කියලා කියනවා. ඒ විදියට නායකයින් මාරු කරන්න වෙලා තියෙන්නේ, ක්‍රීඩකයින් නායකත්වයට පෙරේතකමේ ඇනකොටා ගන්නවා. මම සෙල්ලම් කරපු කාලේ අර්ජුන රණතුංග අවුරුදු 10ක් නායකත්වයේ සිටියා. සම්පූර්ණ කණ්ඩායමම එකමුතු කළා. අර්ජුන අයියගෙන් පස්සේ සනත් ජයසූරිය අවුරුදු 4ක් නායකත්වයේ සිටියා. ඊට පස්සේ මාවන් අතපත්තුට නායකත්වය බාර දුන්නා. ඒ කාලේ අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි බැලුවේ කොහොමද රට දිනවන්නේ කියන එක විතරයි.
මාවන්ගෙන් පස්සේ නායකයෙක් තෝරන කොට අපි හැමෝම යෝජනා කළේ මහේල ජයවර්ධනව. මහේල අපිට වඩා ජූනියර් වුනත්, අපිට ආසාවක් තිබුනේ නැහැ නායකත්වය බාරගන්න. දැන් ක්‍රීඩකයින් නායකත්වය වෙනුවෙන් එක එක පැත්තට අදින නිසා ක්‍රිකට් කඩාවැටිලා තියෙන්නේ.

මේ පාර ඡේෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනෙක්ට වාර්ෂික කොන්ත්‍රාත්තුවේ මුදල ටිකක් අඩු වුණා. හැබැයි තරුණ ක්‍රීඩකයින්ට ටිකක් වැඩි වුණා. ඒ වුනාට මේ හැමදෙනාම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. මේ පාර වාර්ෂික කොන්ත්‍රාත්තුව හදලා තියෙන්නේ ක්‍රීඩකයින් දක්වන දක්ශතාවය අනුව ගෙවන විදිහකට. අපි ක්‍රිකට් ගහන කාලේ ඒ විදියට වාර්ෂික කොන්ත්‍රාත්තුව හැදුවනම් අපි බාරගන්නවා. මොකද අපේ කාලේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් හොඳින්ම පෆෝමන්ස් කළා.. සංගා, මහේලලාගේ කාලේ මැච් දිනුවේ එයාලා නිසා. අනිත් ක්‍රීඩකයින් ඔවුන්ට සහයෝගය ලබා දෙනවා.
අපි 2011 ලෝක කුසලානය සෙල්ලම් කරද්දී ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි තිබුණේ නැහැ. ක්‍රීඩාංගනය ටික හදපු නිසා සල්ලි ටික ඉවර වුණා. අපි හැමෝම අවුරුදු එකහමාරක් විතර සල්ලි නැතුව සෙල්ලම් කාලේ. හැබැයි අපිට ඒ සල්ලි පස්සේ කාලෙදී අයි.සී.සී එකෙන් ගෙව්වා. අපිට ඒ කාළේ සල්ලි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද, අපි සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් රටට ආදරය නිසා. ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. නමුත් ඒ ප්‍රශ්න කතා කරලා විසඳගන්න ඕනේ.
විනය සමඟම අනිවාර්යයෙන්ම ක්‍රීඩකයකුට ශාරීරික යෝග්‍යතාව අවශ්‍යම සාධකයක් බව මුත්තයියා මුරලිදරන් පවසා සිටියා. එසේ පවසා සිටියේ ලසිත් මාලිංග විසින් ඉකුත් දා සඳහන් කළ කරුණත් හේතු කොට ගෙනයි.
“මාලිංග කියනවා එයාට කිලෝමීටර් 2 දුවන්න බෑ කියලා. එහෙම කියන එක වැරදියි. “මට දැන් වයස 49යි. මම කිලෝමීටර් 2 දුවලා බැලුවා. මට ගියේ විනාඩි 9ට අඩු කාලයක්. මට කිව්වොත් නියමිත වෙලාවට කලින් දුවන්න ඕනේ කියලා මම ඒත් දුවනවා.”