දික්වැල්ලට හා දනන්ජයට වැඩිම වාර්ෂික කොන්ත්‍රාත්තුවක් ලැබුනේ මේ සාධක නිසා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයිගේ ඉදිරි වර්ෂයක කාලයක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තුව ඊයේ (19) දිනයේ දී නිළ වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිකුත් කරනු ලැබුවා. මෙම නවතම කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රීඩකයින් 24 දෙනාගෙ 18 දෙනෙකු මේ වන විට බංගලාදේශය කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියකට සහභාගී වීම සඳහා බංගලාදේශයට පිටත් වී ඇත. නව කොන්ත්‍රාත්තුවේ වැටුප් කප්පාදුව හේතුවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්ථා විය. කෙසේ නමුත් මෙම නව කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම සඳහා ජුනි 03 වෙනිදා දක්වා කාලය ලබා දීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කෙසේ නමුත් කොන්ත්‍රාත්තුව හිමි ක්‍රීඩකයින් 18 දෙනා බංගලාදේශයට සංචාරය සඳහා පිටත් වී ඇත්තේ සංචාරයක කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමෙන් පසුව බව ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.
” අපි මේ ගිවිසුම ක්‍රීඩකයින් අතට ලබා දීලා තියෙන්නේ, ඔවුන් මේ කොන්ත්‍රාත්තුට අත්සන් කරනවාද නැද්ද කියන එක අපිට තවම දැනුවත් කරලා නැහැ. ඒත් දැනට අපි බංගලාදේශය තරඟ සංචාරයට පමණක් අත්සන් තැබුණු තාවකාලිකව කොන්ත්‍රාත්තුවක් ඔවුන්ට ලබා දීලා තියනවා. ඒත් ඔවුන්ට මේ පිළිඹඳව හොඳින් අධ්‍යනය කරන්න ජුනි 03 වෙනිදා වන තෙක් කාලය දීලා තියනවා ” ලෙස ප්‍රධාන විධායක නිළධාරිවරයා සඳහන් කර සිටියේය.
මෙම සකස් කළ නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය, ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසින් පත්ව සිටින ටොම් මූඩි මහතා සහ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශක මණ්ඩලය විසින් සකස් කරන ලද්දකි.
ඔවුන් මෙම කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් A,B,C,D වශයෙන් කාණ්ඩ 4කට බෙදා තවත් අනු කාණ්ඩ 3ක් යටතේ වර්ග කිරීමට පියවර ගෙන ඇති අතර ක්‍රීඩකයින්ගේ දස්කම් සඳහා 50%ක ප්‍රමාණයක්, ශාරීරික යෝග්‍යතාව සඳහා 20%ක්, ක්‍රීඩකයින්ගේ ස්වාධීන සූදානමට 10%ක්, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම සඳහා 10%ක් සහ අනාගත වැඩදායි බව වෙනුවෙන් 10%ක් වශයෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතයෙන් මෙම කාණ්ඩ සඳහා ක්‍රීඩකයින් බෙදා වෙන් කර ඇත.
යෝජිත කොන්ත්‍රාත් ක්‍රමවේදයට අනුව වැඩිම මුදල් උපයන ක්‍රීඩකයින් දෙදෙනා බවට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පත්ව සිටිති. ඔවුන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කිරීම, ඉහළ කාණ්ඩයට ඇතුළත්වීම හේතු සාධක වී තිබේ.
මෙම නව කොන්ත්‍රාත්තුව ඉකුත් වසර වල කොන්ත්‍රාත්තුව සමඟ සංසන්දනය කිරීමේදී වැටුප් කප්පාදුවක් පෙන්නුන් කරන නමුත්, තරඟ ජයග්‍රහණ වලදී ක්‍රීඩකයින් හට ලබාගත හැකි මුදල පෙර වසර වලදීට වඩා වැඩි වන ලෙස සකස් කර ඇත.
එනම්, පෙර වසරේ දී පැවතී ගිවිසුමට අනුව ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 7 ඇතුලත සිටින කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණයක් වාර්ථා කිරීමේදී ක්‍රීඩකයෙකුට ඩොලර් 25,000ක මුදලක් ලබා දුන් අතර නම ක්‍රමවේදයයේ දී පලමු ස්ථානයේ කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවහොත් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ද (150,000) , දෙවන ස්ථානයේ කණ්ඩායම පරාජය කළහොත් ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසක් ද, (125,000), තෙවෙනි ස්ථානයේ කණ්ඩායම පරාජය කළහොත් ඩොලර් ලක්ශයක් (100,000) ද, හතවන ,පස්වන, හයවන, හත්වන ස්ථානයේ පසුවන කණ්ඩායම් පරාජය කළහොත් පිලිවෙනින් ඩොලර් 80,000ක්, 60,000ක්, 45,000ක්, 30,0000ක් වශයෙන් ක්‍රීඩකයින්ට හිමිවනු ඇත.
මෙය එක්දින තරග අංශය යටතේද පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබේ. එමෙන්ම තරගයකට සහභාගිවීමේදී 2019 වසරේදී ලබා දුන් මුදලට වඩා 2021 වසරේදී ලබා දෙන මුදල වැඩි කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙසින් 2019 වසරේදී ටෙස්ට් තරගයකට සහභාගිවීමේදී ඩොලර් 7000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂ තුන්දහස් හත්සිය පහළොවක් ලබා දුන් අතර නව කොන්ත්‍රාත්තුවට අනුව එය ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක (1,500,000) මුදලකි.