දිනේශ් කාර්තික් හා ෂබාස් අහමඩ්, රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජය ගෙනදෙයි.
(වනිඳු ලබාගත් කඩුල්ල පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 13 වන තරඟය ලෙස අද (05) පැවතී රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක Fuf du plessis පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන්, පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ජෝස් බට්ලර් පන්දු 47කදී හයේ පහර 6 සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ජෝස් බට්ලර් සමඟින් 4 වන කඩුල්ලට නොබිඳිනු ලකුණු 83ක සබඳතාවයක් එක් කිරීමට සමත්වූ Shimron Hetmyer පන්දු 31කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද ලබාගැනීමට සමත්වූ අතර, Devdutt Padikkal පන්දු 29කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්විය. නායක සංජු සැම්පසන් ලකුණු 8ක් ලබාසිටියදී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවීගියා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 32කට එක් කඩුල්ලක් බිඳ දැමූ අතර, David Willey හා Harshal Patel අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 170ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
එහිදී, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂබාස් අහමඩ් පන්දු 26කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව දිනේශ් කාර්තික් පන්දු 23කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු Fuf du plessis පන්දු 20කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් හා Anuj Rawat පන්දු 25කදී ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්වුණා. විරාට් කෝලි හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 5ක් පමණයි.
පන්දු යැවීමේදී Yuzvendra Chahal සටන්කාමී පන්දු යැවීමක නිරතවෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 15 කට කඩුලු 2ක් ලබාගත් අතර Trent Boult ලකුණු 34කට කඩුලු 2ක් හා Navdeep Saini ද එක් කඩුල්ලක් බිඳ දැමීය.
ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ පලමු පරාජය උරුමකර දෙමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරඟය කඩුලු 4කින් ජයගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 23කදී නොදැවී ලකුණු 44ක් ලබාගත් දිනේශ් කාර්තික් වේ.
වනිඳු හසරංග විසින් සන්ජු සැම්සන්ව දවාගත් ආකාරය මෙන්න, (Video)
— cric fun (@cric12222) April 5, 2022