දිනේශ් චන්දිමාල්ගේ අර්ධ ශතකය හේතුවෙන් SL ARMY කණ්ඩායමට විශිෂ්ට ජයක්.
Major Clubs T20 තරඟාවලියේ D කාණ්ඩයට අයත් තරඟයක් ලෙස පැවතී Moors Sports Club කණ්ඩායම හා SL Army Sports Club කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට SL Army කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් SL army කණ්ඩායමේ නායක තිසර පෙරේරා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Moors Sports Club කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේදී සියලුම දෙනා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 131ක් පමණයි.
Moors Sports Club කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චතුරංග ද සිල්වා පන්දු 34කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 61ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Mohomad Shamaaz පන්දු 35කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද, Thilan Prashan පන්දු 6කදී ලකුණු 14ක් ලබාගත් නමුත් අන් පිතිකරු හට SL Army පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක වීමට නොහැකිවිය. නායක Pabasara Waduge හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6ක් පමණයි.
පන්දු යැවීමේදී සුමින්ද ලක්ශාන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ලක්ශාන් ගමගේ, යසෝද මෙන්ඩිස් කඩුලු 2 බැඟින් හා සීකුගේ ප්‍රසන්න , ගයාන් බන්ඩාර එක් කඩුලු බැඟින් ද දවාගැනීමට සමත්විය.
අනතුරුව ලකුණු 132ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී SL Army කණ්ඩායම පන්දුවාර 16.4ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 132ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.
SL army ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් පන්දු 45ක් අවසානයේදී එක් හතරේ පහරක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු අශාන් රන්දික පන්දු 17කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, නායක තිසර පෙරේරා පන්දු 10කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් හා හිමාශ ලියනගේ ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්වුණා.
SL army කණ්ඩායමේ අශාන් රන්දික දුවද්දී දැවීගිය අතර අන් කඩුලු 2ක ලබාගැනීමට හැකිවූයේ චතුරංග ද සිල්වා (3.4-0-26-1) හා සඳකැන් පතිරණ (3-0-20-1) වේ.
ඒ අනුව Moors Sports Club කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමින් SL Army කණ්ඩායම තරඟය ජයගැනීමට සමත්වුණා.
තවද, තරඟාවලියේ A කාණ්ඩයට අයත් තවත් තරඟයක් ලෙස පැවතී Ace Capital Cricket Club කණ්ඩායම හා Badureliya Sports Club කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 92ක විශිෂ්ට ජයක් ලබාගැනීමට Ace Capital කණ්ඩායම සමත්විය.
එහිදී පලමුව පන්දුවට පහර දුන් Ace Capital කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගත් අතර එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 25කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 44ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 43 ක් හා Lasith Croospulle ලකුණු 39ක් ලබාගත් අතර ඉන් අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Badureliya Sports Club කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 89ක් පමණයි.