දිනේශ් චන්දිමාල් තවත් කඩඉමක් පසුකර යයි. ශ්‍රී ලංකාවේ 9 වන ක්‍රීඩකයා බවට පත්වෙයි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයෙන් ඉනිමක හා ලකුණු 58ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර, තරඟාවලිය තරඟ 2-0ක් ලෙස ද ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

 

 

දෙවන තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 580ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටවනු ලැබූවා.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් පන්දු 296කදී හතරේ පහර 23ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 215ක් ලබාගැනීමට සමත්වුණා. මෙම ද්විත්ව ශතකය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 6 වන ද්විත්ව ශතකයයි.

 

 

ඊට අමතරව Henry Nicholls ද ද්විත්ව ශතකයක් වාර්තාකළ අතර ඔහු පන්දු 240කදී හතරේ පහර 15ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබාගැනීමට සමත්වුණා. තවද, ආරම්භක පිතිකරු Devon Conway පන්දු 108කදී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 78ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 126කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, දනංජය ද සිල්වා හා ප්‍රබාද් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.

අනතුරුව සිය පලමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණයි.

ශ්‍රී ලංකා පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න පන්දු 188කෆ්හී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 89ක් රැස්කරගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව දිනේශ් චන්දිමාල් පන්දු 92කදී ලකුණු 37ක් ලබාගත් අතර මංගල තරඟය ක්‍රීඩා කළ නිශාන් මදුශ්ක පන්දු 31කදී ලකුණු 19ක් ලබාගැනීමට සමත්වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු ලබාගැනීමට පෙර දැවීගිය අතර, ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 1ක් පමණයි.

 

 

ඉන් අනතුරුව නවසීලන්ත පලමු ඉනිමට වඩා ලකුණු 416ක් පිටුපසුන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ද ආරම්භ කළ අතර, දෙවන ඉනිම සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 358ක් පමණයි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දනංජය ද සිල්වා පන්දු 185කදී හතරේ පහර 12ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 98ක් ලබාගත් අතර, සිය 10 වන ශතකයට ලකුණු 2ක් ඉතිරිව තිබියදී අවාසනාවන්ත ලෙස දැවීයාමට ලක්වුණා.

 

 

ඊට අමතරව දිනේශ් චන්දිමාල් ද අර්ධ ශතකයක් වාර්තාකළ අතර ඔහු පන්දු 92කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය. තවද, පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න මෙම ඉනිමේදීද අර්ධ ශතකයක් වාර්තාකරගැනීමට සමත්වුණා.

 

 

 

දිනේශ් චන්දිමාල් වර්තාකළ මෙම ලකුණු 62ත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ (ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස) ඔහු ලකුණු 10,000 සීමාව පසුකර යාමට අද සමත්වුණා. එවැනි දස්කම් සිදුකළ 9 වන ශ්‍රී ලංකික ක්‍රීඩකයා චන්දිමාල් වේ.

 

මේ වන විට, ජාත්‍යන්තර පිටියේ ලකුණු 10,000 සීමාව පසුකර ගොස් ඇති ශ්‍රී ලංකාකික ක්‍රීඩකයින්,

1) කුමාර් සංගක්කාර – ලකුණු 27,757

 

 

තරඟ 587කට ක්‍රීඩා කරමින් ලකුණු 27,757ක් ලබාගෙන ඇති අතර, ශතක 63කට හා අර්ධ ශතක 150කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 319ක් වන අතර, ලකුණු 46.80ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

2) මහේල ජයවර්ධන – ලකුණු 25,688

 

 

තරඟ 647කට ක්‍රීඩා කරමින් ලකුණු 25,688ක් ලබාගෙන ඇති අතර, ශතක 53කට හා අර්ධ ශතක 134කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 374ක් වන අතර, ලකුණු 38.98ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

3) සනත් ජයසූරිය – ලකුණු 20,966

 

 

තරඟ 582කට ක්‍රීඩා කරමින් ලකුණු 20,966ක් ලබාගෙන ඇති අතර, ශතක 42කට හා අර්ධ ශතක 103කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 340ක් වන අතර, ලකුණු 34.25ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

4) තිලකරත්න ඩිල්ශාන් – ලකුණු 17,671

 

 

සම්පූර්ණ තරඟ 497 කට ක්‍රීඩා කරමින් ලකුණු 17,671ක් ලබාගෙන ඇති අතර, ශතක 39කට හා අර්ධ ශතක 83කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 193ක් වන අතර, ලකුණු 38.19ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

5) අරවින්ද ද සිල්වා – ලකුණු 15,645

 

 

සම්පූර්ණ තරඟ 401කට ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා ලකුණු 15,645ක් ලබාගෙන ඇති අතර, ශතක 31ක් හා අර්ධ ශතක 86ක් ලබාගෙන තිබෙනවා. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 267ක් වන අතර, ලකුණු 37.78ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

6) ඇන්ජලෝ මැතිව්ස් – ලකුණු 14,101

 

 

මේ වන විට සම්පූර්ණ තරඟ 398 කට ක්‍රීඩා කරමින් ලකුණු 14,101ක් ලබාගනීමට සමත්වී ඇත. ශතක 17කට හා අර්ධ ශතක 83කට හිමිකම් කියන මැතිව්ස්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 200*කි, ලකුණු 41.11ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

7) මාවන් අතපත්තු – ලකුණු 14,036

 

 

තරඟ 360කට ක්‍රීඩා කරමින් ලකුණු 14,036ක් ලබාගෙන ඇති අතර, ශතක 27කට හා අර්ධ ශතක 76කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 249ක් වන අතර, ලකුණු 38.03ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

8) අර්ජුන රණතුංග – ලකුණු 12,561

 

 

සම්පූර්ණ තරඟ 363කට ක්‍රීඩා කර ඇති අතර මුළු ලකුණු 12,561ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා, ඔහු ශතක 8කට හා අර්ධ ශතක 87කට හිමිකම් කියයි. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 135*ක් වන අතර, ලකුණු 35.78ක සාමාන්‍යක් රදවාගැනීමට සමත්වී ඇත.

9) දිනේශ් චන්දිමාල්** – ලකුණු 12,561

 

 

මේ වන විට සම්පූර්ණ තරඟ 297කට ක්‍රීඩා කරමින් ලකුණු 12,561ක් ලබාගැනීමට සමත්වී ඇත. ඔහු ශතක 17ක් හා අර්ධ ශතක 55කට හිමිකම් කියන අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වනියේ නොදැවී ලකුණු 206ක් ලබාගැනීමයි, ඔහු ලකුණු 34.23ක සාමාන්‍යක් රදවාගැනීමට ද සමත්වී ඇත…..

මෙම තරඟයේදී, සිය මංගල තරඟය ක්‍රීඩාකළ නිශාන් මදුශ්ක දෙවන ඉනිමේදි පන්දු 93කදී ලකුණු 39ක් ලබාගැනීමට සමත්වූ අතර, අවසානයේදී කසුන් රාජිත නවසීලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කරමින් පන්දු 110කට මුහුණදෙමින් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Tim southee පන්දුවාර 27 ක් අවසානයේදී ලකුණු 51කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Blair Tickner ලකුණු 84කට කඩුලු 3ක් ද Michell Bracewell ලකුණු 100කට කඩුලු 2ක් හා Matt Henry, Doug Bracewell එක් කඩුල්ල් බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ඉනිමක හා ලකුණු 58ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමින් තරඟාලිය ජයගැනීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 200ක් ලබාගත් Henry Nicholls ත්, තරඟාවලියේ වීරයා, තරඟාවලිය පුරාවට ලකුණු 337ක් ලබාගත් කේන් විලියම්සන් දිනාගනු ලැබූවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *