දිනේශ් චන්දිමාල් හට නැවත කණ්ඩායමට එක්වීමට නම් කළ යුතු දේවල්.

ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම පරාජයට පත් වෙමින් පවතින මොහොතක නව තේරීම් කමිටුව විසින් අනාගතය ගැන සළකා ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ඡේෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට සීමිත පන්දුවාර තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.


එම ක්‍රීඩකයින් අතර තවමත් වයස අවුරුදු 31ක් වන දිනේශ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් දිවියේ ඉදිරිය ගැන ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පසුගිය දා ලිපියක් මඟින් දැනුම් දී තිබූ අතර, ඒ අනුව ක්‍රිකට් බලධාරීන්, දිනේශ් චන්දිමාල් සමඟ පහුගිය සතියේ මුල සාකච්ඡාවක් පවත්වා තිබුණා.


එහිදී බලධාරීන් විසින් දිනේශ් චන්දිමාල් හට සීමිත පන්දුවාර තරඟ සඳහා තෝරාගැනිම සඳහා එළබෙන අන්තර් පළාත් තරඟාවලි වලදී දස්කම් දැක්විය යුතු බව නිළධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.


ඉදිරියේදී එක්දින හා පන්දුවාර විස්ස තරඟ වලට තෝරාගැනීමට නම් ඒ ඒ තරඟ වලට ගැලපෙන අයුරින් ක්‍රීඩා කළ යුතු බවද තවදුරටත් ක්‍රිකට් බලධාරීන් විසින් චන්දිමාල් හට පවසා තිබෙනවා.

 (AP Photo/Eranga Jayawardena)

කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ආකෘතීන් සඳහා දිනේශ් චන්දිමාල් ඇතුළු ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව ඇතුළත් කරගන්නා බවද චන්දිමාල් හට පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම වසර අවසානයේ දී බංගලාදේශට එරෙහිව ටෙස්ට් තරඟාවලියකට සහභාගි වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *