දිනේශ් චන්දිමාල් හා සමිත් පටෙල් අංක එකට

දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 20කින් යුත් පලමු වටය මේ වන නිමාවට පත් වී ඇති අතර, තරඟාවලියට සහභාගි වූ කණ්ඩායම් 5 අතරින් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

 

මූලික වටයේ සියලුම කණ්ඩායමක්ම තරඟ 8 බැඟින් ක්‍රීඩා කළ අතර, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණ 6ක් හා පරාජයන් 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 12ක් ලබාගනිමින් ඉහළිම රැඳී සිටිනවා. ඊට අමතරව ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම තරඟ 4ක් ජය ගෙන තරඟ 3ක් පරාජයට පත්වී එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙන අතර ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

 

• තුන්වන ස්ථානය – කලම්බෝ ස්ටාර්ස් – ජය 4 / පරාජයන් – 3
• හතරවන ස්ථානය – දඹුල්ල ජයන්ට්ස් – ජය 3 / පරාජයන් 4 / ජය-පරාජයෙන් තොරව 1
• පස්වන ස්ථානය – කැන්ඩි වොරියර්ස් – ජය 2 / පරාජයන් 6

මූලික වටයේ තරඟ අවසානයේදී මෙතෙක් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පලමු ස්ථානයට පත්වීමට දිනේශ් චන්දිමාල් සමත් වි ඇති අතර ඔහු විසින් තරඟ 8කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 275ක් වේ. (Average 275)

 

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ Phil Salt ඉනිම් 8කදී ලකුණු 247ක් (Average 30.87)  ලබාගනිමින්, දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩක ටොම් කොලර් කැඩ්මෝ ඉනිම් 8කදී ලකුණු 220ක් (Average 31.42) ලබාගනිමින් 3වන ස්ථානයේ රැඳී සිටිනවා.

 

• හතරවන ස්ථානය – කුසල් මෙන්ඩිස් – ඉනිම් 8 / ලකුණු 203 / වැඩිම ලකුණු සංඛ්‍යාව 64 / පිතිකරණ සාමාන්‍ය 29.00
• පස්වන ස්ථානය – Kennar Lewis – ඉනිම් 6 / ලකුණු 168 / වැඩිම ලකුණු සංඛ්‍යාව 62 / පිතිකරණ සාමාන්‍ය 28.00
• හයවන ස්ථානය – චරිත් අසලංක – ඉනිම් 8 / ලකුණු 164 / වැඩිම ලකුණු සංඛ්‍යාව 44* / පිතිකරණ සාමාන්‍ය 23.42

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු අදියරේ ඉනිම් 10කදී ලකුණු 476ක් ලබාගනිමින්, වැඩිම ලකුණු ලාභියා වූ දනුශ්ක ගුණතිලක මෙවර තරඟ 8ක් අවසානයේදී ලකුණු 117ක් ලබාගනිමින් රැඳී සිටින්නේ 17 වන ස්ථානයේ වේ.

 

ඊට අමතර තරඟාවලියේ මෙතෙක් පැවතී තරඟවලදී වැඩිම කඩුලු ලබාගනිමි ඉදිරියෙන්ම රැඳී සිටින්නේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ ක්‍රීඩක සමිත් පටෙල් වේ. ඔහු තරඟ 8ක් ක්‍රීඩා කරමින් මේ වන විට කඩුලු 15ක් ලබාගෙන සිටී. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 13ට කඩුලු 3ක් ලබාගැනීමයි.

 

වැඩිම කඩුලු ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර, මහීශ් තීක්ශණ හා ඉම්රාන් තහීර් ඉනිම් 7 කදී කඩුලු 13 බැඟින් දවාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාගේ හොඳම පන්දු යැවීම වනුයේ පිලිවෙළින් 4/25 හා 3/20 වේ.

1) සමිත් පටෙල් – ඉනිම් 8 – කඩුලු 15 (Best 3/13)
2) මහීශ් තීක්ශණ – ඉනිම් 7 – කඩුලු 13 (Best 4/25)
3) ඉම්රාන් තහීර් – ඉනිම් 7 – කඩුලු 13 (Best 3/20)
4) සීකුගේ ප්‍රසන්න – ඉනිම් 7 – කඩුලු 12 (Best 3/31)
5) දුශ්මන්ත චමීර – ඉනිම් 8 – කඩුලු 12 (Best 4/35)

 

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු අදියර අවසානයේදී වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු හසරංග මෙම තරඟාවලියේ මේ වන විට ඉනිම් 7කදී ලබාගෙන ඇත්තේ කඩුලු 8ක් පමණයි. ( මේ වන විට වැඩිම කඩුලු ලාභීන් අතර 10 වන ස්ථානයේ)

 

ඔහු විසින් පලමු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉනිම් 10කදී කඩුලු 17ක් ලබාගැනීමට සමත් වූ අතර, එහිදී හොඳම පන්දු යැවීම ලෙස වාර්ථා වූයේ ලකුණු 15කට කඩුලු 3ක් දවාගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *