දිමුත් කරුණාරත්නගෙන් වාර්තා දෙකක්. ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද දින (19) නිමාවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කණ්ඩායම අසීරු අඩියක රැඳී සිටිනවා.
තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 27ක් ලබාගෙන සිටි අතර, නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 16ක් ලබාගෙන සිටියා.
අද දිනයේ තරඟය ආරම්භක වූ පසු කිසිඳු ලකුණක් ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස, ඊයේ දිනයේ සැදෑ ආරක්ෂක පිතිකරු ලෙස පන්දුවට පහර දීමට පැමිණී ප්‍රබාද් ජයසූරිය ලකුණු 4කට Tim Southee ගේ පන්දුවක් හමුවේ දැවීගියා.
අනතුරුව, කණ්ඩායමේ ඡේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට පැමිණියත් ඔහුට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි. ඔහු Matt Henry ගේ පන්දුවක් හමුවේ දැවීගියේ Mitchael Bracewell අතට උඩපන්දුවක් ලබාදෙමිනි.
ඉන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමඟින් පිටියේ එක්වූ දිනේශ් චන්දිමාල් එක්ව ලංකා ඉනිමට ලකුණු 80ක සබඳතාවක් එක්කිරීමට සමත්වූ අතර, දිනේශ් චන්දිමාල් පන්දු 92කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්වුණා.
පසුව දනංජය ද සිල්වාව ලකුණු නොළබාම දැවීගිය අතර, තම පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන නිශාන් මදුෂ්ක දිමුත් කරුණාරත්න සමඟින් එක්ව ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. එහිදී ඔහු පන්දු 31කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් වාර්තාකර ගැනීමට සමත්විය.
පසුව කිසිම ක්‍රීඩකයෙක් හට සාර්ථක වීමට නොහැකි වූ අතර, ශ්‍රී ලංකා ඉනිමේ අර්ධ ශතකයක් වාර්තාකළ එකම පිතිකරු වූ නායක දිමුත් කරුණාරත්න ඉනිමේ 9 වන කඩුල්ල ලෙස දැවීගියේ Mitchael Bracewell ගේ පන්දුවකට Tom Latham අතට උඩපන්දුවක් ලබාදෙමිනි.
එහිදී, නායක දිමුත් කරුණාරත්න පන්දු 188කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 89ක් ලබාගැනීමට සමත්වු අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණයි.
පන්දු යැවීමේදී, Matt Henry පන්දුවාර 20ක් අවසානයේදී ලකුණු 44කට කඩුලු 3ක් හා Michael Bracewell පන්දුවාර 12ක් අවසානයේදී ලකුණු 50කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Tim Southee , Doug Bracewell , Blair Tickner එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
ඉන් අනතුරුව, නවසීලන්තය පලමු ඉනිමට වඩා ලකුණු 416ක් පිටුපසින් සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිමද ආරම්භ කළ අතර, ඉනිම ආරම්භ වෙමින් ලකුණු 27ක් වන විට ඉනිමේ පලමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 5කට දැවීගියේය. ඕෂධ ප්‍රනාන්දු හට තරඟාවලියේ ඉනිම් හතරේම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 52ක් පමණයි.
ඕෂධගේ දැවීයාමෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමඟින් එක්ව කුසල් මෙන්ඩිස් ඉනිමට ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැඟීමට සමත්වූ අතර, එහිදී නායක දිමුත් කරුණාරත්න නැවතත් අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත්විය. එය ඔහුගේ ටෙස්ට් දිවියේ 34 වන අර්ධ ශතකයයි.
එම අර්ධ ශතකයත් සමඟින් දිමුත් කරුණාරත්න, මාවන් අතපත්තු පසුකර යමින් නව වාර්තාවක් පිහිටුවීමට ද සමත්වුණා. එම වාර්තාව වනුයේ ආසියාවෙන් පිටතදී වැඩිම ටෙස්ට් අර්ධ ශතක ප්‍රමාණයක් වාර්තාකර ගත් ශ්‍රී ලංකික ක්‍රීඩකයා වෙමිනි. එලෙස ලබාගෙන ඇති අර්ධ ශතක ප්‍රමානය 15ක්.
තවද, 2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ද පත්වීමට දිමුත් කරුණාරත්න සමත්වූයේ තරඟ 12කදී ලකුණු 1012ක් ලබාගෙනයි. එහිදී පිතිකරණ සාමාන්‍ය 48.19ක් වන අතර ඉනිමකදී ලබාගෙන ඇති වැඩික ලකුණු සංඛ්‍යාව 147ක්.
දෙවන ඉනිමේද දිමුත් කරුණාරත්න අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව ලකුණු 51දී දැවීගිය අතර, අනතුරුව පිටියේ රැඳීසිටි කුසල් මෙන්ඩිස් සමඟින් එක්වූ ඇන්ජලෝ මැතිව්ස් දිනය නිමාවන තෙක් පන්දුවට පහරදීමට සමත්වූයේ ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමිනි.
කුසල් මෙන්ඩිස් අද දිනයේ සිය 17 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තාකරගැනීමට සමත්විය. ඔහු දිනය නිමාවන විට පන්දු 100කදී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබාසිටි අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 40කට මුහුණදෙමින් එක් ලකුණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳීසිටියහ.
දැවීගිය ඕෂධ ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්නගේ කඩුලු දෙක ලබාගැනීමට හැකිවූයේ Doug Bracewell හා Tim Southee වේ.
ශ්‍රී ලංකාව නවසීලන්තය පලමු ඉනිමට වඩා කඩුලු 8ක් ඇතැතිව තවත් ලකුණු 303ක් පසුපසින් සිටින අතර, හෙට (20) තරඟයේ 4 වන දිනයයි.
තරඟයේ 3 වන දිනයේ Highlights (Video)