දිමුත් කරුණාරත්නට නායකත්වය ලබාදුන්නාම හැමෝම හිතුවා මම නායකත්වය නැතුව නැවත ක්‍රිකට් ගහන එකක් නැහැ කියලා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ආරම්භ වීමට පෙර දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග, ෆේස්බුක් ලයිව් මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ක්‍රිකට් සම්බන්ධයෙන් බොහො දේවල් කතා කෙරුණ අතර, එහිදි ප්‍රේක්ෂකයෙක් විසින්, (මාලිංග වඩාත් කැමති 2010දී මෙල්බර්න් මිරැකල් ද, 2019 එංගලන්තයට එරෙහිව ලබාගත්ත විකට් හතරද?) අසන ලඳ ප්‍රශ්නයකට ලසිත් මාලිංග විසින් පිලිතුරු ලබා දුන්නේ එංගලන්තයේ දී ලබා ගත් විකට් හතර ලෙසයි.


ලසිත් මාලිංග පවසන පරිදි, ඒ කාලයේ ඔහුට අභියෝග තිබුණ බවත්, එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකිවීම හේතුවෙන්, ඔහුගේ ක්‍රිකට් දිවියේ තවත් හොඳම තරඟයක් ලෙස ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තයට එරෙහිව පැවතී තරඟය බවයි.


“ඒ වෙලාවේ මට ලොකු අභියෝග ටිකක් තිබුණා. ඒ වෙනකොට මම එක්දින කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ. ලෝක කුසලානයට කලින් මම අයි.පී.එල් සෙල්ලම් කරන්න ඉන්දියාවට ගියා. ඊට පස්සේ ලංකාවේ පළාත් තරඟාවලියක් පටන් ගත්තා. මම ඒ වෙනකොට වසර 14ක් විතර රට නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. ඒ වෙලාවේ ලෝක කුසාලනය සඳහා ශ්‍රී ලංකා සංචිතයට මාව ඇතුළත් කර ගන්න, මම එම පළාත් තරඟ සෙල්ලම් කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ.”


“මම අයි.පී.එල් තරඟාවලිය සෙල්ලම් කරන කොට, ලංකාවෙන් ප්‍රශ්නයක් ආවා, නායකත්වය ලබා දෙන්නේ මෙහෙ තියන පළාත් තරඟාවලිය සෙල්ලම් කරොත් විතරයි කියලා. ඉතින් හැමෝම හිතුවා මම නායකත්වය නැතුව ක්‍රිකට් ගහන එකක් නැහැ කියලා. ”

“මම අයි.පී.එල් එකේ තරඟයක් සෙල්ලම් කරලා, ඊලඟ දවසේ ලංකාවේ තියන මැච් එක, මම කණ්ඩායමේ මැනේජර්ට කිව්වා මාව කණ්ඩායමේ 11 ට තියන්න, මම තරඟය සෙල්ලම් කරන්න එනවා කියලා. මම චෙන්නායි තරඟය රාත්‍රී 12ට ඉවර කරලා, විකට් 3කුත් අරගෙන මැච් එකත් දිනලා, පාන්දර 3ට විතර ලංකාවට එන්න පිටත් වුණා. ලංකාවට එන කොට පාන්දර 5.30 පමණ වුණා. ලංකාවේ පලාත් තරඟය තිබුණෙ නුවර.. මම ලංකාවට ඇවිල්ලා උදේ 7.45ට විතර නුවරට ගියා. මගේ මහන්සියයි, නිදිමතයි දෙකම තියෙද්දී එදා තරඟය ක්‍රීඩා කරා. ඒ තරඟයේ එකදිගට ඕවර් 10ම දාලා විකට් 7ක් ගත්තා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට “බොහොම ස්තූයිති කියලා මම ආයෙමත් මුම්බායි වලට ගියා.” මම ඒගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නුවා මම ක්‍රිකට් ගහන එක වෙනම දෙයක්, නායකත්වය කියන්නේ වෙනත් දෙයක් කියලා.”


“ඊට පස්සේ ලෝක කුසලානයට දිමුත් කරුණාරත්නට නායකත්වය ලබා දුන්නා. මම කිව්වා මට කිසිම ප්‍රශ්නයක් නැහැ කවුද නායකත්වය කරන්නේ කියලා, කවුරු නායකත්වය කළත් තරඟයේදී 100%ක්ම මම කණ්ඩායම වෙනුවෙන් දෙනවා. ඒත් හැමෝම හිතුවා මම එහෙම කරන එකක් නැහැ කියලා. නමුත් එංගලන්ත තරඟයේ මම විකට් හතරකුත් අරගෙන, මැච් එක දිනලා තරඟයේ වීරයා සම්මානයත් ලබා ගත්තා.”


“මම මේක කිව්වේ කාගෙවත් අනුකම්පාවක් ලබාගන්න නෙමේ. සමහර කට්ටිය කියනවනේ මට ක්‍රිකට් ගහන්න මම ෆිට් නැහැ කියලා. ඒ නිසා තමයි මේ සිද්දිය කිව්වේ. ඉතින් ඒ අභියෝග එක්ක, එංගලන්තයට එරෙහිව ගත්ත විකට් 4, මට වටිනාම විකට් හතරක් වුණා.”

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය සඳහා ලසිත් මාලිංග විසින් නම් කළ කණ්ඩායම මෙන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *