දිමුත් කරුණාරත්න නායකත්වයෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් ද?
ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලාදේශය හා එංගලන්තය සංචාර දෙක සඳහා ඡේෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවුස්, දිනේශ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින්ට විවේලයක් ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා හට ලබා දීමට වැඩි ඉඩක් ඇති බවටද වාර්ථා වෙයි.
2015 වර්ශයේදී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන ක්‍රීඩකයින් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් වූ පසු 2016 වර්ශයේ සිට එක්දින තරඟ වලදී හොඳම ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්ථා කර ඇත්තේ දිමුත් කරුණාරත්නයි. ඔහු 2019 දී නායකත්වය පත් වීමෙන් පසු එක්දින තරඟ 17කට තම නායකත්වය දී ඇති අතර ඉන් තරඟ 10ක් ජයග්‍රහණය කර තරඟ 7ක් පරාජය වී තිබෙනවා. ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 58.
2016 වර්ශයේ සිට ශ්‍රී ලංකාව එක් එක් වර්ශ වලදී ලබාගෙන ඇති ජයග්‍රහණය ප්‍රතිශතය මෙසේයි.
2016 වර්ශයේදී ශ්‍රී ලංකාව විසින් එක්දින තරඟ 19කට සහභාගී තිබෙන අතර ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ තරඟ 6ක් පමණයි. තරඟ 11ක්ම පරාජයට පත් වී තිබෙන අතර එම වර්ශයේ ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 31.5% කි.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දැවැත්තම පරාජයන්ට ලක් වුන වර්ශය වන 2017 වර්ශයේදී තරඟ 29කට සහභාගී වී ජයග්‍රහණය කිරීමට සමත් වි ඇත්තේ තරඟ 5ක් පමණි. පරාජයන් 23කට හිමිකම් කියන අතර ජයග්‍රහණය ප්‍රතිශතය වන්නේ 17.2% කි. එහිදී ප්‍රථම වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරඟාවලි පරාජයක් සිමිකරගන්නේ මෙම වර්ශයේදී වේ. ඉන් අනතුරුව ඉන්දියාව හා පකිස්ථානය සමඟ තරඟ 5 බැඟින් පරාජය වීමට ද සිදුවෙනවා.
2018 වර්ශයේදී ශ්‍රී ලංකාව එක්දින තරඟ 17කට සහභාගී වන අතර ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වන්නේ තරඟ 6ක් පමණයි. තරඟ 10ක් පරාජයයට පත් වන අතර එම වසරේ ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 35.2% කි. මෙම වසරේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය පත් වෙන අතර ආසියානු කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට පලමු වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමට ද සිදුවෙනවා.
2019 දී දිමුත් කරුණාරත්න නායකත්වයට පත් වීමට පෙර ශ්‍රී ලංකාව තරඟ 8කට සහභාගී වන අතර ඉන් කිසිඳු තරඟයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත් වන අතර ඔහුගේ නායකත්වයෙන් පළමු වරට සහභාගී වන තරඟාවලිය වන්නේ ස්කොට්ලන්තයට එරෙහිව පැවතී තරඟාවලියයි. පලමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමන අතර ශ්‍රී ලංකාවට එහි දෙවන තරඟය ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. ඒ අනුව තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය තරඟ 1/0ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකිවන අතර 2016 දී අයර්ලන්තය සංචාරයේදී තරඟ 2/0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මාස 35කට පසු ශ්‍රී ලංකාවට නැවත දෙරටක් අතර පැවැත්වෙන තරඟාවලි ජයක් ලබාගැනීමට සමත් වෙන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව ලබාගත් මෙම ජයග්‍රහණයයි.
ඉන් අනතරුව ලෝක කුසලානයට මුහුණ දුන් ශ්‍රී ලංකාව තරඟ 7කට සහභාගී වී තරඟ තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. තරඟාවලිය අවසන් කරන්නේ හයවෙනි ස්ථානය දිනාගනිමිනි. අනතරුව බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවතී තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේදී පූර්ණ තරඟාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ශ්‍රී ලංකාව වසර 4කට පසු දෙරටක් අතර එක්දින තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් පැවතී මෙම තරඟාවලියයි.
2019 දී දිමුත් නායකත්වයට පත් වීමට පෙරෙ තරඟ 8කට සහභාගී වී තරඟ 8ම පරාජය වීමෙන් පසු දිමුත්ගේ නායකත්වයෙන් 2019 වසරේ එක්දින තරඟ 11ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 63.63% කි.
2020 කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ එක්දින තරඟ 3ක් පමණයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවතී තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ 3/0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරඟ 3කට සහභාගී වන අතර ශ්‍රී ලංකාව එම තරඟ 3 පරාජයට පත් වීමට සිදු වෙනවා.
ඒ අනුව 2016 වර්ෂයේ සිට 2019 වසරේ දිමුත් කරුණාරත්න නායකත්වයට පත් වීමට පෙර ශ්‍රී ලංකාව එක්දින තරඟ 73කට සහභාගී වී අති අතර ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරඟ 17ක් පමණි. තරඟ 52ක් පරාජය වී ඇති අතර ජයග්‍රාහී ප්‍රතිශතය වන්නේ 23.28% කි. දිමුත් කරුණාරත්න නායකයා වීමෙන් පසුව මේ දක්වා ඔහු 58.82% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තරඟ 15කට වැඩි ප්‍රමාණයකට නායකත්වය ලබා දී ඇති නායකයින් අතරින් දෙවෙනියට හොඳම ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටින්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු කුමාර් සංගක්කාරට පමණක් දෙවෙනි වන අතර කුමාර් සංගක්කාර රඳවාගෙන තිබූ ජයග්‍රාහී ප්‍රතිශතය 65.85% කි.
(දනුශ්ක අරවින්ද යූටියුබ් නාළිකාවේ වීඩියෝව ඇසුරිනි. එම වීඩියෝ එක නරඹන්න Click කරන්න) Video