දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවෙනි ස්ථානයට.
ලොව වටා රටවල් 9ක සාමාජිකත්වයෙන් 2019 ආරම්භ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව හා නවසීලන්තය සමත් වුණ අතර තරඟාවලියේ අවසන් මහා තරඟය 18 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇත.
නවසීලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, බංගලාදේශය යන රටවල් එක්වූ මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාවට හිමි වූයේ 8 වන ස්ථානයයි.
අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් ඉන්දීය කණ්ඩායම තරඟ 17කදී තරඟ 12ක් ජයගෙන තරඟ 4ක් පරාජයට පත් වී තිබේ. නවසීලන්ත කණ්ඩායම තරඟ 11කදී ජයග්‍රහණය 7ක් හා පරාජයන් 4කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව තරඟ 12කදී ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරඟ 2ක් පමණි.

ශ්‍රී ලංකාවට කණ්ඩායමක් වශයෙන් තරඟාවලියේ ඉදිරියට පැමිණීමට නොහැකි වුවද තරඟාවලියේ ආරම්භක පිතිකරුවන් විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ දෙවෙනි ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත් වී ඇත. එහි පලමු ස්ථානයේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා රැඳී සිටියි.
2019/2021 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියන ආරම්භක පිතිකරුවන් –
1) රෝහිත් ශර්මා – ඉන්දියාව
තරඟ 11 , ඉනිම් 17 , ලකුණු 1030 , වැඩිම ලකුණු 212
පිතිකරන සාමාන්‍යය – 64.37
ශතක 4 , අර්ධ ශතක 2
2) දිමුත් කරුණාරත්න – ශ්‍රී ලංකාව
තරඟ 10 , ඉනිම් 18 , ලකුණු 999 , වැඩිම ලකුණු 244
පිතිකරන සාමාන්‍යය – 55.50
ශතක 4 , අර්ධ ශතක – 4
3) ඩේවිඩ් වෝනර් – ඕස්ට්‍රේලියාව
තරඟ 12 , ඉනිම් 22 , ලකුණු 948 , වැඩිම ලකුණු 335*
පිතිකරන සාමාන්‍යය – 47.40
ශතක 3 , අර්ධ ශතක 1