දිල්ලි කැපිටල්ස් පරාජය හේතුවෙන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්ලේඕෆ් වටයට.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 69 වන තරඟය ලෙස පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම  හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 5ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිට් ශර්මා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගැනීමට සමත්විය.

දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ රොව්මන් පවෙල් පන්දු 34කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව නායක රිශාබ් පාන්ට් පන්දු 33කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු Prithvi Shaw පන්දු 23කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහර සමඟින් ලකුණු 24ක් හා Axar Patel පන්දු 10කදී නොදැවී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිත් බුම්රා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය.. ඊට අමතරව Ramandeep Singh පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 29කට කඩුලු 2ක් හා Mayank Markande , Daniel Sams අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

 

 

අනතුරුව ලකුණු 160ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් බිඳ වැටී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකරයාමට සමත්වුණා.

මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් පන්දු 35කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4 සමඟින් ලකුණු 48ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඩෙවල්ඩ් බ්‍රෙවිස් පන්දු 33කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත්වූ අතර, Tim David පන්දු 11කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 34ක් ලබාගැනීමට සමත්වුණා. Tilak Varma – 21 (17) 4×1 6×1

 

 

පන්දු යැවීමේදී Shardul Thakur පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 32කට කඩුලු 2ක් ද, Anrich Nortje පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු දෙකක් බිඳ දැමූ අතර, කුල්දීප් යාදෙව් ද එක් කඩුල්ලක් බිඳදැමීය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය වීමත් සමඟ තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ප්ලේඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

 

ටිම් ඩේවිඩ්ගේ වේගවත් පිතිහරඹය (Video)

 

 

ඉශාන් ක්‍රිශාන් රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *