දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගෙන් විශිෂ්ට පන්දු යැවීමක්.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 9 වන තරඟය ලෙස පැවතී Delhi Bulls කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් විය. (වනිඳු ලබාගත් කඩුලු 2 වීඩියෝ පහළින් නරඹන්න)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Deccan Gladiators කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Delhi Bulls කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 112ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Rilee Rossouw පන්දු 21කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 48 ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 9කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබාගැනීමට සමත් වූ අතර Sherfane Rutherford පන්දු 6කදී ලකුණු 19ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 2කදී ලකුණු 26කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, Andre Russell ලකුණු 17කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Tymal Mills ලකුණු 12කට කඩුලු 2ක් හා David Wiese ලකුණු 9කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායම පන්දුවාර 7.2ක් අවසානයේදී කඩුලු 1ක් දැවී ලකුණු 115ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු Tom Kohler-Cadmore වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 22කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 4ක් සමඟින් නොදැවී ලකුණු 51 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Tom Banton පන්දු 20කදී ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය. අවසානයේදී DR Briggs පන්දු 21කදී හතරේ පහර 5ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 44ක් රැස්කිරීමට සමත්විය.
Delhi Bulls කණ්ඩායම වෙනුවෙන් Dominic Drakes පමණක් එක් කඩුල්ලක් ලබාගැනීමට හැකිවූ අතර, අනෙක් කිසිඳු පන්දු යවන්නෙකුට කඩුලු ලබාගැනීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව Deccan Gladiators කණ්ඩායම තරඟය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ නොදැවී ලකුණු 51ක් ලබාගත් Tom Kohler-Cadmore වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුලු 2 වීඩීයෝව,
Wanindu Hasaranga | 2 wickets Vs Delhi Bulls | Abudabi T10 League 2021#wanindu #AbuDhabiT10 #DBvsDG pic.twitter.com/7b9QrPyxo2
— Stay Cricket (@staycricket) November 23, 2021