දුශ්මන්ත චමීර , චාමික කරුණාරත්න ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙක් අබුඩාබි T10 තරඟාවලියට
වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය ලෙස හඳුන්වන අබුඩාබි ක්‍රිකට් තරඟාවලියේ 5 වන අදියර නොවැම්බර් 19 වන දින සිට දෙසැම්බර් 4 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 6ක් ඇතුලත් වෙනවා.
ඊයේ පැවතී ක්‍රීඩකයින් වෙන්දේසි කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙක් මෙම කණ්ඩායම් 6 අතරින් 4කට තෝරාගනු ලැබුවා.
මෙවර තරඟාවලිය සඳහා සිටින කණ්ඩායම් 6 වනුයේ,
1) ටීම් අබුඩාබී
2) මරාතා අරේබියන්ස්
3 බංගලා ටයිගර්ස්
4) ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
5) දිල්ලි බුල්ස්
6) නොදර්න් වෝරියස්
මෙවර T10 තරඟාවලිය සඳහා තෝරාගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්,
1) දුශ්මන්ත චමීර
2) චාමික කරුණාරත්න
3) දනන්ජය ලක්ශාන්
4) මහීශ් තීක්ෂණ
5) ඉසුරු උදාන
6) මතීශ පතිරණ
7) උපුල් තරංග
8) වනිඳු හසරංග
ඒ අනුව මෙවර දුශ්මන්ත චමීර , චාමික කරුණාරත්න , මහීශ් තීක්ශණ , දනන්ජය ලක්ශාන් , මරාතා අරේබියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන අතර මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වැඩිම පිරිසක් (හතර දෙනෙක්) ක්‍රීඩාකරන කණ්ඩායම මෙය වේ.
ඉසුරු උදාන , මතීශ පතිරණ බංගලා ටයිගර්ස් කණ්ඩාටමත්,
වනිඳු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටත්, උපුල් තරංග නොදර්න් වොරියර්ස් කණ්ඩායමත් ක්‍රීඩා කිරීමට නියමිතයි.