දුශ්මන්ත චමීර නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට සමත්වෙයි.

(වීඩියෝ පහළින් නරඹන්න) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ලෙස ඊයේ (26) පැවතී තරඟයෙන් සුපුරුදු පරිදි කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

 

 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස්කරගැනීමට සමත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53කදී ලකුණු 75ක් රැස් කරගැනීමට සමත්විය.

ඒ සමඟින් පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව පසුකර යාමට සමත් වූ අතර මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 19කදි ඉනිම් 18ක් පන්දුවට පහරදෙමින් ලකුණු 561ක් ලබාගෙන සිටී. (පිතිකරණ සාමාන්‍ය – 31.16) වැඩිම ලකුණු – 75

 

 

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව පසුකර යාමට සමත්වී ඇති අතර, පැතුම් නිස්සංක 13 වන ශ්‍රී ලංකිකයා වේ.

පැතුම් නිස්සංකට අමතරව T20 පිටියේ ලකුණු 500 සීමාව පසුකර ඇති ක්‍රීඩකයින්,

තිලකරත්න ඩිල්ශාන්
කුසල් ජනිත් පෙරේරා
සනත් ජයසූරිය
මහේල ජයවර්ධන
කුමාර් සංගක්කාර
ඇන්ජලෝ මැතිව්ස්

 

 

තිසර පෙරේරා
දිනේශ් චන්දිමාල්
දසුන් ශානක
චාමර කපුගෙදර
කුසල් මෙන්ඩිස්
දනුශ්ක ගුණතිලක

මේ අතර ඊයේ තරඟයේදී ඉන්දීය නායක රෝහිට් ශර්මාගේ කඩුල්ල ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර විසින් ලබාගත් අතර, එම කඩුල්ලත් සමඟින් ඔහු ලෝක වාර්ථාවකට හිමිකම් කීමට සමත්විය.

 

 

දුශ්මන්ත චමීර විසින්, ඉන්දීය ක්‍රීඩක රෝහිට් ශර්මාව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 5 වතාවක් දවාගැනීමට සමත්වී ඇති අතර එවැනි දස්කමක් කළ ලෝකයේ එකම පන්දු යවන්නා වනුයේ දුශ්මන්ත චමීර වේ.

(මීට පෙර දුශ්මන්ත චමීර හා නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති විස්සයි විස්ස පිටියේ රෝහිත් ශර්මාව අවස්ථා 4 බැඟින්  දවාගෙන තිබුණි.)

 

 

බිනුර ප්‍රනාන්දුගේ විශිෂ්ට උඩපන්දු රැකීම හේතුවෙන් Sanju Samson දැවීගිය ආකාරය වීඩියෝව, 

 

 

(sounds සමඟින් වීඩියෝ එක නරඹීමට අවශ්‍යනම් මෙතන Click කරන්න) Click

Leave a Reply

Your email address will not be published. Required fields are marked *