දුශ්මන්ත චමීර නැවතත් RCB කණ්ඩායමට එක්කරගන්නා බවට ඉඟියක්.
මෙම වසරේ පැවතී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර , හා වනිඳු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනාව තමාගේ කණ්ඩායමට එක් කරගෙන තිබුණා.
එහිදී, වනිඳු හසරංග පමණක් තරඟාවලියේ තරඟ කිහිපයක් ක්‍රීඩා කළ නමුත්, දුශ්මන්ත චමීර හට කිසිඳු තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසන් වීමටත් පෙර එම ක්‍රීඩකයින් දෙදෙනාව නැවත බයෝ බබ්ල් තුළින් නිදහස් කළ නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට අවස්ථාව ලබාදී තිබුණා.
කෙසේ නමුත්, ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා නැවත වරක් දුශ්මන්ත චමීර, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම විසින් එක් කර ගැනීම සම්බන්ධයෙන් ඉඟියක් පළ කර තිබෙනවා.
ඒ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් නිළ Twitter ගිණුමේ සටහනක් එක් කරමිනි.
එහිදී දුශ්මන්ත චමීර කිසිඳු තරඟයක් ක්‍රීඩා නෙකෙරුවත්, පුහුණු සැසි වලදී දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඔවුන් දුශ්මන්ත චමීරව අගය කර තිබෙනවා.
ඊට අමතරව ඔවුන් දුශ්මන්ත චමීර, RCB වර්ණය තුළින් නැවත දැකීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.
එම ට්විටර් පණිවිඩය පහළින්,
Thank you, @DushmanthaDC05! ?
We really appreciate the efforts you put in for the team in the practice sessions and for all the fun moments behind the scenes. ?
Hope to see you in RCB colours again. ❤️#PlayBold #WeAreChallengers pic.twitter.com/tzdYyqTPOv
— Royal Challengers Bangalore (@RCBTweets) December 8, 2021