දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට.

නිමාවූ ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ දී කැපී පෙනෙන අයුරින් දස්කම් දැක්වු දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා අයි.සී.සී එක්දින ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන අයුරින් ඉදියට පැමිණ තිබෙනවා.

සම්පූර්ණ තරඟාවලියේදීම ලකුණු 99කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූ දුෂ්මන්ත චමීර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 33 ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඔහු මීට පෙර 60 වන ස්ථානයේ සිටි අතර මෙවර ස්ථාන 27කින් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. මෙය චමීර විසින් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් වල ලැබූ ඉහළම ස්ථානයයි.


එක්දින ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතරින් පෙරමුණේ පසු වන්නේ අකිල ධනංජයයි.

මේ අතර තුන්වන එක්දින තරඟයේදී විශිෂ්ඨ ශතකයක් වාර්ථාබ්කිරීමට සමත් වූ වත්මන් එක්දින කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමෙහි 42 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී ඇත්තේ ස්ථාන 13 දෙනෙකු අභිබවා යමින් ය.


ඊට අමතරව දනන්ජය ද සිල්වාද ස්ථාන 10කින් ඉදිරියට පැමිණීමට සමත් වී ඇති අතර ඔහු මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීමෙහි 85 වන ස්ථානයේ රැඳී සිටිනවා.

වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සම 51 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *