දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 364ක් ලබාගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීව් ස්මිත් විශිෂ්ඨ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 272කදී හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත්වුණා. එය ඔහුගේ 28 වන ටෙස්ට් ශතකය වේ.
ඊට අමතරව Marnus Labuschgne පන්දු 156කදී හතරේ පහර 12ක් ඇතුළත්ව ලකුණු 104ක් ලබාගත් අතර, Usman Khawaja පන්දු 77කදී ලකුණු 37ක් හා Alex Carey පන්දු 61කදී ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රබාද් ජයසූරිය පන්දුවාර 36ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 118කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්වුණා. ඊට අමතරව කසුන් රාජිත කඩුලු 2ක් ලබාගත් අතර, රමේෂ් මෙන්ඩිස් හා මහීශ් තීක්ශන එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකාව පලමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 554ක් ලබාගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඉනිමේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 500+ සීමාව පසුකර යාමට සමත්වූයේ වසර 30කට පසුවයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමකදී ලකුණු 500 සීමාව පසුකර ඇත්තේ 1992 වර්ෂයේදී වේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් පන්දු 326කට මුහුණදෙමින් හතරේ පහර 16ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්වුණා. මෙය දිනේශ් චන්දිමාල්ගේ මංගල ද්විත්ව ශතකයයි.
ඊට අමතරව, දිමුත් කරුණාරත්න පන්දු 165කදී ලකුණු 86ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 161කදී ලකුණු 85ක් ලබාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 117කදී ලකුණු 52ක් ද, කමිඳු මෙන්ඩිස් පන්දු 137කදී ලකුණු 61ක් හා රමේෂ් මෙන්ඩිස් පන්දු 98කදී ලකුණු 29ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Michell starc ලකුණු 89කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, Michell Swepson ලකුණු 103කදී කඩුලු 3ක් ද, Nathon Lyon ලකුණු 194කට කඩුලු 2ක් හා Pat Cummins ලකුණු 95කට එක් කඩුල්ලක්ද ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වඩා ලකුණු 190ක් පසුපසින් සිට ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, ඕස්ට්‍රේලියා කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 151ක් පමණයි.
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Marnus Labuschgne පන්දු 59කදී හතරේ පහර 3කදී ලකුණු 32ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Usman Khawaja පන්දු 59කදී ලකුණු 29ක් ලබාගත් අතර, ඩේවිඩ් වෝනර් පන්දු 44කදී ලකුණු 24ක් හා Cameron Green පන්දු 32කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබාගැනීමට සමත්වුණා.
ඕස්ට්‍රේලියා කණ්ඩායම පලමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේද අසරණ කර දැමූ ප්‍රබාද් ජයසූරිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 16කදී ලකුණු 59කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය.
ප්‍රබාද් ජයසූරිය තරඟය පුරාවට කඩුලු 12ක් බිඳ දැමීමට සමත්වූ අතර, එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මංගල ටෙස්ට් තරඟයකදී ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවයි. මීට පෙර 2021දී බංග්ලාදේශයට එරෙහිව ප්‍රවීන් ජයවික්‍රම මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් බිඳ දැමීමට සමත්වුණා.
ප්‍රබාද් ජයසූරියට අමතරව ඕස්ට්‍රේලියා දෙවන ඉනිමේ තවත් කඩුලු 2ක් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වූ අතර, අනෙක් කඩුලු 2ක දවාගැනීමට සමත්වූයේ මංගල තරඟය ක්‍රීඩා කළ මහීශ් තීක්ශන වේ.
ඒ අනුව, ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 151කට සියලුම දෙනා දැවීයාමත් සමඟින් මෙම තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය ප්‍රබාද් ජයසූරියත්, තරඟාවලියේ වීරයා සම්මානය දිනේශ් චන්දිමාල් දිනාගැනීමට සමත්විය.
ප්‍රබාද් ජයසූරිය දෙවන ඉනිමේදී ලබාගත් කඩුලු 6 වීඩියෝව මෙන්න.
— cric fun (@cric12222) July 11, 2022