දෙවන තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්.
තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟවාලියේ ඊයේ (13) පැවතී දෙවන විස්සයි විස්ස තරඟයේදී කණ්ඩායම අතින් සිදුවූ වරදක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් දඩයක් නියම කර ඇති අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අවවාද කර තිබෙනවා.
මෙසේ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් නියම කර ඇත්තේ නියමිත කාලයට පෙර පන්දුවාරයක් අඩුවෙන් ක්‍රියාත්මක කිරීමයි.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC නීති සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කෙරෙනවා.
මීට අමතරව “ජාත්‍යන්තර තරගයක් අතරතුර ඇසෙන අසභ්‍ය වචන භාවිතා කිරීම” සම්බන්ධ ICC සංග්‍රහයේ 2.3 වගන්තිය කඩ කර ඇති බව සොයා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පිතිකරු පැතුම් නිශ්ශංකට ද අනතුරු ඇඟවීමක් ලබා දී තිබෙනවා.
ඒ ඔහු පන්දුවට පහර දෙමින් සිටින අතරතුරේදී අසැබි වචනයක් භාවිතා කිරීම හේතුවෙන්. ඊයේ (13) තරඟයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමි පැතුම් නිස්සංක පන්දු 53කදී ලකුණු 73ක් ලබාගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා නායක, දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තමාගේ වැරදිවලට වරද පිළිගෙන ඇති අතර එබැවින් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා බව තරඟ තීරක ඩේවිඩ් බූන් පවසා තිබෙනවා.
පැතුම් නිස්සංකගේ විශිෂ්ට ඉනිම,