දෙවන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරවය ඉන්දියාවට.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයේ දෙවන දිනය නිමාවන වින විට ඉන්දියා කණ්ඩායම තරඟය තමන් දෙසට යොමුකර ගැනීමට සමත්වුණා.

 

 

දෙවන දිනය ආරම්භක වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 357 ක් ලබාගෙන සිටි අතර අද දිනයේ තවත් ලකුණු 217ක් රැස් කරගනිමින් ඔවුන්ගේ පලමු ඉනිම අත් හිටුවන විට කඩුලු 8කට ලකුණු 574ක් ලබාගැනීමට සමත්විය.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් රවින්ද්‍ර ජඩේඩා ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 228කදී හතරේ පහර 17ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

රවින්ද්‍ර ජඩේඩා අද දින ලෝක වාර්ථාවක් තැබීමට සමත්වූ අතර නොම්බර 7  පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව තමන් සතු කරගැනීමට සමත්විය. (ලකුණු 175*)

මීට පෙර එම වාර්ථාව 1986 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 163ක් ලබාගනිමින් හිටපු ඉන්දීය ක්‍රීඩක Kapil Dev සතුවූ අතර අද දින ජඩේජා එම වාර්ථාගත ලකුණු සංඛ්‍යාව පසුකර යාමට සමත්වුණා.

 

 

කණ්ඩායමේ නොම්බර 7 පිතිකරුවෙකු ලෙස පැමිණ ඉනිමකදී වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින්,

1) Ravindra Jadeja –  ලකුණු 175* Vs SL
2) Kapil Dev – ලකුණු 163 Vs SL
3) Rishabh Pant – ලකුණු 156 Vs AUS
4) Polly Umrigar – ලකුණු 130 Vs ENG
5) Sandip Patil – ලකුණු 129 Vs ENG

ඊට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් ද අද දිනයේ තම ටෙස්ට් දිවියේ 12 වන අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය. ඔහු සුරංග ලක්මාල්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල හට උඩපන්දුවක් ලබාදී දැවී යන විට පන්දු 82කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61 ක් ලබාගෙන සිටියා.

 

 

ඉන්දීය පලමු ඉනිම – 574/8 d

Ravindra Jadeja – ලකුණු 175* (228)
Rishabh Pant – ලකුණු 96 (97)
Ravichandran Ashwin – ලකුණු 61 (82)
Hanuma Vihari – ලකුණු 58 (128)
virat Kohli – ලකුණු 45 (76)

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් , විශ්ව ප්‍රනාන්දු හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙක බැඟින් දවාගත් අතර දනංජය ද සිල්වා හා ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම ආරම්භක කළ අතර අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 108ක්.

එහිදී නායක දිමුත් කරුණාරත්න පන්දු 71කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබාගත් අතර ළහිරු තිරිමාන්නට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 17ක් පමණයි.

 

 

දෙවන කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී යාමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් හා යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක එක්ව ලකුණු 37ක සබඳතාවයක් එක්කිරීමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවීගිය අතර ඔහු පන්දු 39කදී එක් හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත්විය. දනංජය ද සිල්වා හට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.

 

 

අද දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක පන්දු 75කදි හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් හා චරිත් අසලංක ලකුණු 1ක් ද ලබාගෙන සිටී.

ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවීගිය ආකාරය වීඩියෝව ,

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *