දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 9ක් ඇතැතිව ලකුණු 28යි. ජයග්‍රහණය සඳහා ලකුණු 447ක්.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟය ඊයේ (12) දිනයේ ආරම්භක වූ අතර පලමු දිනය නිමාවන විට සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 දැවී ලකුණු 86ක් ලබාගෙන සිටි අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි නිරෝශන් දික්වැල්ල ලකුණු 13ක් ලබාගෙන සිටියා.
අද (13) දින තරඟයේ දෙවන දිනය ආරම්භ වීමෙන් අමතරව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 9ක් එක්වීමෙන් අනතුරුව ලසිත් ඇඹුල්දෙණිය දැවීගිය අතර ඉන් අනතුරුව පිලිවෙලින් සුරංග ලක්මාල් හා, නිරෝශන් ද දැවීගියේය. නිරෝශන් දික්වැල්ල ලබාගත් ලකුණු ප්‍රමාණය 21 ක්.
මෙම ඉනිමත් සමඟින් නිරෝශන් දික්වැල්ල තම පෞද්ගලික ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2500 සීමාව පසුකිරීමට සමත්වූ අතර මේ වන විට තරඟ 47කදී ලකුණු 2517ක් ලබාගෙන ඇත්තේ ඉනිමක සාමාන්‍ය ලකුණු 30කට අධික සංඛ්‍යාවක් රඳවා ගනිමිනි.
ඒ අනුව ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දියා පන්දු යවන්නන් සමත්වූ අතර ඉන්දියා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Jusprit Bumrah සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 10කදි ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත්විය. මෙය ඉන්දියාව තුළදී Jusprit Bumrah ඉනිමක කඩුලු 5ක් බිඳ හෙලීමට සමත්වූ පලමු අවස්ථාවද වේ.
ඊට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 30කට කඩුලු 2ක් හා Mohammed Shami ලකුණු 18කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Axar Patel ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් සිට ඉන්දියා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙවන ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 303ක් රැස්කර ගැනීමට සමත්විය.
ඉන්දියා දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer පන්දු 87කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව රිශාබ් පාන්ට් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ද ලබාගැනීමට සමත්විය. රිශාබ් පාන්ට් අද ලබාගත් අර්ධ ශතකය ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී ක්‍රීඩකයෙක් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය වේ. (පන්දු 28කින් ලකුණු 50 වාර්ථා කිරීමට සමත්විය)
තම 71ක් වන ජාත්‍යන්තර ශතකය රැස්කරගැනීමේ අරමුණින් සිටින විරාට් කෝලි හට මෙම ඉනිමේදීද ලකුණු 13කට ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ශර්මාගේ පන්දු 79කදී ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 19කදී ලකුණු 78කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු තුනක් හා දනංජය ද සිල්වා හා විශ්ව ප්‍රනාන්දු අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව ඉන්දියාව දෙවන ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 446ක් ඉදිරියෙන් සිටි අතර අනතුරුව ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භක කළ නමුත් ලකුණු ලබාගැනීමට පෙර ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස දැවී යාමට ලක්විය.
අද දින දෙවන දිනය නිමාවට විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටි අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්න ලකුණු 10ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබාගෙන සිටියි.
දෙවන දිනය අවසානදීයේ විරාට් කෝලි, සිය අවසන් තරඟය ක්‍රීඩා කරන සුරංග ලක්මාල් හමුවූ මොහොත (වීඩියෝව)
Head Coach Rahul Dravid and former #TeamIndia Captain @imVkohli congratulate Suranga Lakmal as he is all set to bid adieu to international cricket.@Paytm #INDvSL pic.twitter.com/Vroo0mlQLB
— BCCI (@BCCI) March 13, 2022