දෙවෙනි එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 26ක ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලකුණු 26ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 47.4ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබාගැනීමට සමත්වුණා.

පලමු තරඟයේ මෙන් මෙම තරඟයේත් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට කුසල් මෙන්ඩිස් සමත්වූ අතර ඔහු පන්දු 41කට මුහුණදෙමින් හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඊට අමතරව දනංජය ද සිල්වා පන්දු 41කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් හා නායක දසුන් ශානක පන්දු 36කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කදී එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී Pat Cummins සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 8.4 ක් අවසානයේදී ලකුණු 35 කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Mattew Kuhnemann හා ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැඟින් දවගත් අතර, Mitchell Swepson එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

දිගුකායක් වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා පන්දුවාර 43කදී ලැබුණු ඉලක්කය ලකුණු 216ක්.

කෙසේ නමුත් පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණී කණ්ඩායමට පන්දුවාර 37.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 51කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37 ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඊට අමතරව ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබාගත් අතර, ස්ටීව් ස්මිත් පන්දු 35කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් හා Travis Head පන්දු 34කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබාගැනීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 47කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 25කට කඩුලු 2ක් , දුශ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් හා දනංජය ද සිල්වා ලකුණු 26කට කඩුලු 2ක් ද බිඳ දැමීමට සමත්විය.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ඒ අනුව තරඟ 5කි යුත් එක්දින තරඟාවලියේ දෙවන් තරඟයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 26ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ චාමික කරුණාරත්න වේ.

 

චාමික කරුණාරත්න දවාගත් කඩුලු 3 වීඩියෝව,

 

 

 

 

චාමික කරුණාරත්න ලබාගත් කඩුලු 3 වීඩියෝව මෙතනින් බලන්න. (Click කරන්න)

2 thoughts on “දෙවෙනි එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 26ක ජයක්.

  • June 17, 2022 at 5:42 pm
    Permalink

    Every weekend i used to pay a quick visit this site, as
    i wish for enjoyment, for the reason that this this site conations really pleasant funny material too.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *