දෙවෙනි ටෙස්ට් තරඟය ජයග්‍රහණය නොකළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වෙන දේ මෙන්න. ශ්‍රී ලංකා නායකයාගෙන් හොඳ සැලසුමක්.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී හෙට (28) බංගලාදේශය කණ්ඩායමට එරෙහිව දෙවෙනි ටෙස්ට් තරඟය ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියේ පලමු තරඟය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟ ද ජය පරාජයෙන් තොරව නිමා වුවහොත් අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා කණ්ඩායම 7වන ස්ථානයේ සිට 8 වන ස්ථානය දක්වා පහළ බැසීමට සිදුවනු ඇත.
තරඟාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු 83ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි 7වන ස්ථානයේ ද, බංගලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයේ ද රැදී සිටියහ. නමුත් හෙට තරඟයත් ජය පරාජයෙන් තොරව නිමා වුවහොත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80 දක්වා පහල යන බැවින් මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 81ක් ලබාගෙන සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පහල බැසීමට සිදුවෙයි.
මෙම හේතුව නිසාවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හෙට තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීම සඳහා මේ වන විට සැලසුම් කරමින් සිටී.
ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට දිමුත් කරුණාරත්නගේ සැලසුම් කර ඇති දඟපන්දු යවන්නන් තිදෙනා අතර දනන්ජය සිල්වා සිටින අතර 22වන වියේ පසුවන ප්‍රවීන් ජයවික්‍රම ද බොහෝ දුරට ඇතුළත් වන බවට දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර ඇත.
ඒ අනුව හෙට තරඟයේදී ප්‍රවීන් ජයවික්‍රම හට ටෙස්ට් වරම් දිනා ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 156 වන ටෙස්ට් ක්‍රීඩකයා බවට ප්‍රවීන් පත්වනු ඇත. ප්‍රවීන් ජයවික්‍රම මේ වන විට දේශීය පළමු පෙළ තරඟ 10ක් ක්‍රීඩා කරමින් කඩුලු 20ක් දවා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 24.57 කි.
පලමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කිරීමට සමත් වූ තමීම් ඉක්බාල්ව දවා ගැනීම සඳහා ද සැළසුමක් ඇති බවට ද නායකයා ප්‍රකාශ කර ඇත. පන්දුවන්නන් හට ස්ථාවර වීමට අවස්ථාවක් නොදීම සඳහායි තමීම් ඉක්බාල් වේගයෙන් පන්දුවට පහර දෙන්නේ. ගොඩක් වෙලාවට ඔහු ලකුණු ලබා ගන්නා වේගය අඩාල කළහොත් අපට ඔහුව ඉක්මනින් දවාගැනීමට හැකියාව තිබෙන බවයි නායක දිමුත් කරුණාරත්න තවදුරටත් ප්‍රකාශ කළ සිටියේ.
වේගපන්දු යවන්නන් දෙදෙනා සුරංග ලක්මාල් හා විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කරන අතර වනිඳු හසරංග හට මෙම තරඟය අහිමි වනු ඇත. පළමු තරඟයේ ක්‍රීඩා කළ ඉදිරිපෙළ පිතිකරුවන් කිසිඳු වෙනසකින් තොරව ක්‍රීඩා කරන බවටද ඔහු සඳහන් කළ සිටියේ ය.
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මේ වන විට ටෙස්ට් තරඟ 21ක් පවත්වා ඇති අතර ඉන් 12 වතාවක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර බංගලාදේශය ජයග්‍රහණය කර ඇත්තේ එක් තරඟයක් පමණයි. තරඟ 9ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.
හෙට තරඟය ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිවුස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝශන් දික්වැල්ල, රමේශ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම.
හෙට තරඟය ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බංගලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල්, සයිෆ් හසන්, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, නජ්මුල් හොසේන්, ලිටන් ඩාස්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අබු ජායෙඩ්, එබදාත් හොසේන්.